හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නැයි අමෙරිකා ජනපති බැරැක් ඔබාමාගෙන් දෙමළ සංවිධාන දෙකක් ඉල්ලා තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන ද්‍රවිඩ සංවිධාන දෙකක් වන ඔබාමා සඳහා ද්‍රවිඩයින්(Tamils for Obama)සහ අමෙරිකානු ද්‍රවිඩ සංසදය(American Tamil Forum)විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමාට අභියාචනා කරමින් ඉල්ලා තිබේ.
එම ද්‍රවිඩ සංවිධාන දෙක පෙන්වා දී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා යුධ අපරාධකරුවෙකු බැවින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි.