Colombo Today Local News

සඳුදා සිට බස් ධාවනය යථා තත්ත්වයට

ලබන සඳුදා (30)දින සිට බස් ධාවනය සාමාන්‍ය පරිදි සිදු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි මෙහෙයුම් අධිකාරි ඒ.එස්.පී වීරසූරිය මහතා පැවසුවේ, සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් ආසන සංඛ්‍යාවට පමණක් මගීන් නංවා ගැනීම සිදු කරන බවය.

මේ අතර අන්තර් පළාත් බස් රථ සේවා ද ලබන සඳුදා (30)දිනයේ සිට සාමාන්‍ය කාලසටහන්වලට අනුව ධාවනයට එක් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් බස් සංගම් දැනුවත් කර ඇති බවය.

මේ අතර කොළඹ නගරය දක්වා කාර්යාලීය ප්‍රවාහන සේවයක් ඊයේ සිට ආරම්භ කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

එහි අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ, ඒ සඳහා බස් රථ 150 ක් පමණ මේ වනවිට ධාවනයට එක් කර ඇති බවයි.

සාමාන්‍ය ගාස්තු ගෙවා අදාළ බස් රථවල ගමන් කිරීමට කාර්ය මණ්ඩල සේවකයින්ට අවස්ථාව හිමිවනු ඇති.

Related posts

‘තව එක අවස්ථාවක් දෙන්න රාජපක්ශ රෙජිමය වළලලා දාන්න’- අගමැති රනිල්

colombotoday

ශ්‍රීලනිප 16 කණ්ඩායම අද විපක්ෂයට… විශේෂ ප්‍රකාශයකුත් සූදානම්

colombotoday

සිපෙට්කෝ පෝලිම් දිගුවෙයි..

colombotoday

එ.ජා.පය තේරීම් කාරක සභාවක් කැඳවන්නැයි ඉල්ලයි

colombotoday

චන්ද්‍රිකා කිව් බොරුවක් අතේ පත්තුවෙයි.. චීනයෙන් දැඩි ප්‍රකාශයක් !!

colombotoday

යලි යාත්‍රා කිරීමට සූදානම් වන ටයිටැනික්

Admin