Colombo Today Local News

කොරියාවෙන් ගේන සල්ලි වියදම් කරන හැටි කියා දෙන්න තලතාගෙන් ක්ලාස් එකක්

tlatha

සිය රැකියා කාල සීමාව නිමකර කොරියාවේ සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා විශේෂ වැඩසටහන් කිහිපයක් සකස් කරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පවසයි.

අමාත්‍යවරිය සඳහන් කළේ විදේශ රැකියා අමාත්‍යංශයේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශය සහ විදේශ කටයුතු අමාත්‍යංශය එක්ව එම වැඩසටහන් සකස් කිරීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව යළි දිවයිනට පැමිණෙන ශ්‍රමිකයින්ට ඔවුන් උපයාගෙන එන මුදල් නිසි ලෙස ආයෝජනය කරන ආකාරය, ආයෝජන අවස්ථා පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරන බව තලතා අතුකෝරාල අමාත්‍යවරිය සඳහන් කළාය.

වර්තමානයේ ශ්‍රී ලාංකිකයින් 28,000ක් පමණ දකුණු කොරියාවේ රැකියාවල නිරත වන අතර 2014 වසරට සාපේක්ෂව 2015 වසරේ රැකියා සඳහා කොරියාව බලා පිටත් වූ ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය සියයට 14කින් ඉහළ ගොස් ඇති බව සඳහන්ය.

Related posts

කොච්චිකඩේ පල්ලිය අසලින් තවත් බෝම්බයක් හමුවෙයි…

colombotoday

ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 950 ක් දොම්පෙන් අල්ලයි

colombotoday

සම්පත් බැංකුවේ ඇති ගිණුම් ඉවත් කර අමානා බැංකුවේ මුදල් තැන්පත් කරන ලෙස ජමිතුල් උලමා සංවිධානය මුස්ලිම් ජනතාවට දැනුම් දීලා

colombotoday

මහින්දානන්දට විරුද්ධව නඩු කියන්න අල්ලස් කොමිසම සූදානමින්

colombotoday

මුහුණු ආවරණ පැළඳීම හෙට සිට අනිවාර්ය නැහැ

colombotoday

කොළොන්නාවේ හෝටලයක ගින්නක්

Admin