Colombo Today Local News

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2017

පරණ අවුරුද්ද සඳහා ස්නානය

අප්‍රේල් මස 12 වන බදාදා කොහොඹ පත් යුෂ මිශ‍්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලූත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වන සිකුරාදා පූර්වභාග 02.04 ට සිංහල අලූත් අවුරුද්ද උදා වෙයි.

පුණ්‍ය කාලය
අප්‍රේල් මස 13 වන බ‍්‍රහස්පතින්දා අපරභාග 7.40 සිට 14 වන සිකුරාදා පූර්වභාග 08.28 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වන බ‍්‍රහස්පතින්දා දින අපරභාග 7.40 ට පලමුව ආහාර පාන ගෙන සියලූ වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීමද පුණ්‍ය කාලයේ අපර කොටස තුල එනම් 14 වන සිකුරාදා දින පූර්වභාග 02.04 සිට පූර්වභාග 08.28 දක්වා පහත දැක්වෙන අයුරින් වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත‍්‍ර ඉටු කිරීම මැනවි.

ආහාර පිසීම
අප්‍රේල් මස 14 වන සිකුරාදා පූර්වභාග 05.41 ට රන්වන් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා ගිතෙල් හා හකුරු මිශ‍්‍ර කිරි බතක් සහ අග්ගලා සහ කැවිලි ආහාරයක් පිළියෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වන සිකුරාදා පූර්වභාග 07.05 ට සුදු සහ නිල් මිශ‍්‍ර වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම
අප්‍රේල් මස 15 වන සෙනසුරාදා උදේ 11.04ට නිල් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට නුගපත් ද පයට කරඳපත් ද තබා නුගපත් මිශ‍්‍ර නානු ද ගා ස්නානය කිරීම මැනවි.

රැකීරක්ෂා සදහා පිටත්ව යෑම
අප්‍රේල් මස 17 වන සඳුදා උදේ 06.28 ට සුදු පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී, දීකිරි සහ ගිතෙල් මිශ‍්‍ර කිරි බත් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යාම මැනවි.

Related posts

දොස්තර සංගමයත් වර්ජනයකට සැරසෙයි !

colombotoday

ඒකාබද්ධයේ ජනබලය පාරේ නැටූ නාඩගමක්…

colombotoday

පැනමා රහස් ලේඛණවලින් ලංකාවේ මෙගා ඩීල් එළියට !

colombotoday

වෙළෙන්දන් බිත්තර අළෙවි නොකරයි – පාරිභෝගිකයින්ගෙන් මැසිවිලි..

colombotoday

දිනේෂ් ගුණවර්ධනගේ දකුණු අත ගැලවේ – උප සභාපතිත් පීල්ල මාරු කරයි

colombotoday

“දුරකථන ගාස්තු වැඩිවුණේ සුළු ගානකින්නෙ.. ඒක ජනතාවට දැනෙන්නෙවත් නෑ” – ඇමති හරීන්

colombotoday