Colombo Today Local News

ප්‍රභූන්ට අපහාස කරන පෝස්ට් ඉවත් කරන්න බැරිදි? – ෆේස්බුක් නියෝජිතයන්ට රජයෙන් යෝජනා

ජාතීන් අතර අසමගිය ඇතිවන වෛරී ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම වැළැක්වීමට ඇති හැකියාව ගැන සාකච්ඡා කිරීමට මෙරටට පැමිණි ෆේස්බුක් සමාගමේ නියෝජිතයන් වෙත තුන්වන පාර්ශ්වීය යෝජනා මාලාවක් රජයේ නියෝජිතයන් විසින් බාරදී ඇති බව පැවසේ.

එම තුන්වන පාර්ශ්වීය යෝජනා මාලාව මගින් රජය විසින් ප්‍රභූන් අරබයා එල්ල වන අපහාසාත්මක වදන් සහිත පළ කිරීම්, චරිත ඝාතන පළ කිරීම් හා පින්තූර ෆේස්බුක් මගින් පළ කළ පසු ඒ වෙනුවෙන් ගත හැකි ක්‍රියා මාර්ග මොනවාදැයි විමසා ඇත.

රටේ පවතින තීරණාත්මක අවස්ථාවකදී ප්‍රභූවරුන්ට ෆේස්බුක් මගින් කරනා අපහාසාත්මක, චරිත ඝාතන ක්‍රියා පාලනය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද මෙහිදී විමසා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවද ෆේස්බුක් සමාගමේ නියෝජිතයන් දැනුම්දී තිබේ. මෙම සාකච්ඡාවට විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ඔස්ටින් ප්‍රනාන්දු ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගි වීය.

Related posts

අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි සැපයුම් ඇනහිටී

colombotoday

පාස්කු කොමිසම පවරපු වැඩේ හැර අනෙක් සියලු දේ කරලා. | සිංහල නායකයන් විනාශ කරන කුමන්ත්‍රණය. ඥානසාර හිමි හෙළි කරති.

colombotoday

කළුබෝවිල රෝහලේ මුස්ලිම් වෛද්‍යවරයෙක් බඩුත් සමඟ මාට්ටු

colombotoday

කුඩු අංජුගේ සමීපතමයෙක් ගිනි අවියක් සමග අත්අඩංගුවේ

colombotoday

රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළ බසී

Admin

අද හෙටම මම කසිප්පු සංහාරය අරඹනවා

colombotoday