Colombo Today Local NewsColombo Today Sports News

ශ්‍රී ලංකාව පරදා බංග්ලාදේශය නිදහස් කුසලාන 2020 අවසන් මහා තරගයට…

නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගය ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශය සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 160ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ ජයග්‍රාහී සීමාව පසු කළේ ය.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, ධනුෂ්ක ගුණතිලක සමගින් කුසල් මෙන්ඩිස්.

පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 15 කට සීමා කරමින් ධනුෂ්ක ගුණතිලක ලකුණු 4 කට දැවී ගියේ ය.

කුසල් මෙන්ඩිස් ලකුණු 11යි.

පන්දුවාර 20 යි 20 දිවියේ 10 වන අර්ධ ශතකය වාර්තා කළ කුසල් ජනිත් පෙරේරා ලකුණු 61 ක් රැස් කළේ ය.

නායක තිසර පෙරේරා අද වාර්තා කළේ පන්දුවාර 20 යි 20 දිවියේ මංගල අර්ධ ශතකයයි.

තිසර පෙරේරා ලකුණු 58 ක් රැස් කළේ ය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 159 කි.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ට කොවිඩ්

colombotoday

කන්දකාඩු පොකුර සම්පූර්ණයෙන්ම පාලනය කරයි

colombotoday

ට්‍රක් රථයක ගැටී පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

colombotoday

බිලියනයක වත්කම් රාජ් රාජරත්නම්ට යළි දෙනවාට කොටි බෝම්බවලට ගොදුරුවූවන්ගේ ඥාතීන්ගේ විරෝධය

colombotoday

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ අතර තරග ආරම්භය අද

Admin

ආර්ථික අර්බුදයට විසඳුම ආනයනික භාණ්ඩ අඩු කිරීමයි…

colombotoday