ධුර කාලය නිමාවී ඇති මහබැංකු අධිපති ධුරයට යළිත්වරක් අර්ජුන් මහෙන්ද්‍රන් පත් නොකිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඊයේ (15) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළීතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව පැවසූවේ. එහිදී තමන් පෞද්ගලිකව අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ධුරයට පත්කිරීමටද විරුද්ධ වූ බවයි පැවසුවේ. ඔහුට සේවා දිගුවක් ලබා නොදෙයි යන්න තමාගේ මතය බවත් සඳහන් කළා.
මෙහිදී රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදීම ඉකුත්දා පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ ඉදිරිපත් කර ඇති කිසිඳු චෝදනාවකට අර්ජුන් මහේන්ද්‍රන් මහතා වරදකරු වී නොමැති බවයි. මේ නිසා ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ධුරයෙහි වෙනසක් සිදුනොවනු ඇතැයි ද ඔහු කියා සිටියා.