Colombo Today Local News

රටේ සිදුවන දේ පත්තරෙන් දැකලා කොහොමද රට පාලනය කරන්නේ – මහින්ද අසයි

පාතාල කල්ලි නායකයින්ට වුවද ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඝාතනයට ලක් වූ සමයං නමැත්තාට වුවද පවතින තත්වය යටතේ ආණ්ඩු බලයක් පිහිටුවීමේ හැකියාවක් තිබූ බවයි.

බොරලැස්ගමුව ‘ගෝල්ඩන් රෝස්’ උත්සව ශාලාවේ පැවති ‘වියත්මඟ’ මහ සමුළුවට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

රටක සිදුවන සියලූ දෑ සම්බන්ධයෙන් පාලකයින් දැන සිටිය යුතු බව එහිදී පැවසු මහින්ද රාජපක්ෂ මහතා, ඕනෑම සිදුවීමක් පසුදා පුවත්පතකින් දැන ගැනීම පාලකයින්ට නොගැලපෙන්නක් බව කියා සිටියේය.

පොලිසිය සහ සිරකඳවුරු පවතින්නේ නම් රටක් පාලනය කළ හැකි බවට බොහෝ දෙනා තුළ විශ්වාසයක් පවතින නමුත්, එහි කිසිඳු සත්‍යතාවක් නැති බව මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මහපෙන්විම යටතේ ක්‍රියාත්මක වන ‘වියත්මඟ’ සංවිධානය මෙම රැස්වීමට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය.

ආචාර්ය දයාන් ජයතිලක මහතා ද මෙහිදී අදහස් දැක්විය.

Related posts

මිනී කන කිඹුල්ලූ. මිනිස්සු උස්සන සුදු වෑන්. හතර අතේ ඇප ඉල්ලන දොස්තර රාජිතගේ වැඩ මෙන්න.

colombotoday

ඉන්දියාවට රට පාවාදෙන ගිවිසුමට එරෙහිව වෘත්තිකයන්ගේ නැගිටීම මාධ්‍යයෙන් කැපේ

colombotoday

“පූස් පැටිය වගේ හිටපු විග්නේෂ්වරන් කොටියෙකු කළේ මේ නිවට ආණ්ඩුවයි“ – ගම්මන්පිල

colombotoday

රුපියලේ හුළං බහී

Admin

විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින්ට රක්ෂණයක්

colombotoday

අන්තරේ කැදවුම්කරුට ඇප

Admin