Colombo Today Local News

ප්‍රංශයේ මුස්ලිම් පල්ලි ත්‍රස්තවාදයට මුදල් යොදවලා – පල්ලිවලට විදෙස් මුල්‍ය ආධාර ගැනීම මින්පසු තහනම්

france_mosque

මුස්ලිම් පල්ලි වලට ලැබෙන විදෙස් මුල්‍ය ආධාර තාවකාලිකව තහනම් කිරීමක් සම්බන්ධයෙන් සලකා බලන බව ප්‍රංශයේ අගමැති සැමුවෙල් වාල්ස් පවසයි.
ඔහු මේ බව කියා සිටියේ පසුගිය කාලවකවානුව තුළ ඉස්ලාම් රාජ්‍ය සංවිධානය විසින් ප්‍රංශයට දිගින් දිගටම එල්ල කරනු ලැබූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
‘ල මොන්දෙ’ ප්‍රංශ පුවත්පත සමග සාකච්ඡාවට එක් වූ අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේ එරට මුස්ලිම් පල්ලි වල ඉමාම්වරුන්ට පුහුණුවීම් සඳහා විදෙස්ගත වීමෙන් වැළකී රට තුළම සිය පුහුණුවීම් හමාර කරන මෙන් ඉල්ලීමක් කරන බවයි.
මධ්‍යස්ථ මතධාරී ඉස්ලාම් ධර්මය සමග නව සම්බන්ධතාවක් ගොඩනැගීමට ප්‍රංශයට කාලය එළඹ ඇති බවයි අගමැති සැමුවෙල් වාල්ස් පවසන්නේ.
කෙසේ වෙතත් ඒ අතරම රැඩිකල් මතවාද වලට එරෙහිව සටන් කිරීම නව පරපුරේ ප්‍රධානම කාර්යය ලෙසයි ඔහු විග්‍රහ කරන්නේ.
පසුගිය මාස දහ අටක කාලය තුළ ප්‍රංශය මුහුණ දුන් භයානකම ප්‍රහාර ආරක්ෂක අංශ වලට වළක්වා ගත නොහැකි වීම සම්බන්ධයෙන් රජය ජනතාවගේ දැඩි විවේචනයට ලක් වෙමින් පවතියි.

Related posts

ආණමඩුවේ නිවසේ ස්වයං නිරෝධායනය වූ පුද්ගලයෙකුට යළි කොරෝනා වැළදෙයි

colombotoday

කොරෝනා යැයි සැකපිට 23ක් IDH රෝහලේ !

colombotoday

තිලිණි ප්‍රියමාලි අධිකරණ නියෝග මත ස්ථාන පරික්ෂාවකට රැගෙන යයි

colombotoday

නිරෝධායන නීති කැඩූ පුද්ගලයින් 72 ක් අත්අඩංගුවට

colombotoday

රටේ මීළග නායකයා ගැන ජපානයේ ධම්මාලෝක හිමිගෙන් අනාවැකියක් (Video)

colombotoday

TNA දෙකඩ වෙයි… විග්නේශ්වරන් ‘දෙමළ ජනතා සභාව’ නමින් අලුත් පෙරමුණක් හදයි

colombotoday