Colombo Today Local News

මහනුවර ගැටුම්වලට ආණ්ඩුවේ ප්‍රබලයන් සම්බන්ධයි – ආන්දෝලනාත්මක රහසක් රවී හෙළි කරයි

මහනුවර, තෙල්දෙණිය ප්‍රදේශයේ ගැටුම්වලට අනුබල දුන් පිරිස් අතර රජයට සම්බන්ධ ප්‍රබල චරිත සිටින බවට තොරතුරු ලැබී ඇති බවත්, සුදු බැටළුවන් අතර කළු බැටළුවන්ද සිටින බවත් හිටපු මුදල් අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසා සිටියේය.

අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ පසුගිය 12දා කොළඹ, තොටළඟ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“උතුරු කොළඹ වැනි ආසනයක ජාතීන් හා ආගම් අතර පවතින සංහිඳියාව රටටම ආදර්ශයක්. සමාජ මාධ්‍ය වගකීම් සහිතව කටයුතු කරන්නේ නම් කිසිවෙකු භීතියට පත්වීමේ අවශ්‍යතාවක් නැහැ. පසුගිය දින කිහිපයේ මහනුවර ඇති වූ සිද්ධිවලට පොලීසිය මුළුමනින්ම වගකිව යුතුයි. ඒ වගේම, ජාතීන් අතර ආගම් අතර විරසකවීම් උත්සන්න කිරීමට සමාජ මාධ්‍යද වගකිව යුතුයි. සමාජ මාධ්‍ය පාලනය කිරීමත් සමග ගැටුම්කාරී තත්ත්වය පාලනය වූ ආකාරය රටම තේරුම් ගත් කාරණයක් වුණා. ඒ වගේම, මහනුවර ගැටුම්වලට අනුබල දුන් පිරිස් අතර රජයේ ඇතැමුන් සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා. කොළඹ නගරයේ මෙවැනි ගැටුම් නිර්මාණය කිරීමට ඇතැම් දේශපාලඥයන් උත්සාහ දැරුවත්, එවැනි අවස්ථා පාලනය කිරීමට එක්සත් ජාතික පක්ෂය ක්‍රියා කළා.” යැයි පවසා සිටියේය.

මෙහිදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රවි කරුණානායක මහතා කියා සිටියේ, තෙල්දෙණිය ප්‍රදේශයේ ගැටුම් පිටුපස රජයට සම්බන්ධ ප්‍රබල චරිත සිටින බවට තොරතුරු ලැබී ඇති බවත්, සුදු බැටළුවන් අතර කළු බැටළුවන්ද සිටින බවත්ය.

Related posts

කැබිනට් මණ්ඩල සංශෝධනයක්… කෘෂි ඇමැතිත් වෙනස් වෙයි?

colombotoday

අලී සබ්‍රි රහීම්ට මසක පාර්ලිමේන්තු තහනමක්

Admin

බොට්ස්වානා කිරුළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යුවතියකට

colombotoday

ගවඝාතනයට බලපත්‍රයක් දුන්නේ ජීවත්වෙන්න රැකියාවක් නැති නිසා – ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම්

colombotoday

ශ්‍රී ලංකාව UNHRC 30/01 යෝජනාවෙන් ඉවත්වීමට කැබිනට් අනුමැතිය

colombotoday

ගැටලු රැසක් ඇති වූ නිර්වින්දන ඖෂධ 2 භාවිතයෙන් ඉවත් කරයි

Admin