Colombo Today Local News

“ආණ්ඩුව ෆේස්බුක් තහනම් කරන්න යනවා.. ෆේස්බුක් රැකගන්න එන්න” රනිල් තරුණයන්ට කියයි (Video)

මහනුවර ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතු කරගෙන රජය විසින් ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා අවහිර කිරීමත් සමග ඊට එරෙහිව විවිධ පාර්ශවවලින් විරෝධය එල්ල වී තිබෙන අවස්ථාවක, එවක විපක්ෂ නායකව සිටියදි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ෆේස්බුක් පිළිබදව කළ ප්‍රකාශයක් අන්තර්ජාලයට එක්ව තිබේ.

රජය දැඩි මාධ්‍ය මර්ධනයක ක්‍රියාත්මක කර තිබියදී ජනතාවට තොරතුරු දැනගැනීමට ලැබෙන්නේ ෆේස්බුක් එකෙන් පමණක් බවත්, රාජපක්ෂ රෙජිමයේ සියළු කුපාඩි වැඩ ෆේස්බුක් එකේ පළකර ඇති බැවින් වෙනත් හේතු පෙන්වා ෆේස්බුක් තහනම් කිරීමට රාජපක්ෂ රජය සූදානම්වන බවත් රනිල් වික්‍රමසිංහ මහතා රැස්වීමක් අමතමින් කියා සිටී. එබැවින් ෆේස්බුක් රැකගැනීමට තරුණයන් එක්වන්නැයිද වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටින අයුරු එම වීඩියෝවේ දැක්වෙයි.

කෙසේ වෙතත් මේ වන විට ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා අවහිර කිරීමට සිරිසේන – වික්‍රමසිංහ රජය ගෙන ඇති තීරණයට දැඩි විරෝධය එල්ලවෙමින් පවතී. බොහෝ පාර්ශව පෙන්වා දෙන්නේ ජාතිවාදී ප්‍රකාශන සිදු කරන පුද්ගලයන් හදුනාගැනීමට සහ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකව කළ හැකිව තිබියදී, සමාජ ජාලා අවහිර කිරීමෙන් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ හා ප්‍රකාශ කිරීමේ අයිතිය රජය විසින් පැහැර ගැනීමට කටයුතු කර ඇති බවයි. සමාජ මාධ්‍ය අවහිර කිරීම සම්බන්ධයෙන් විදේශීය රටවල් කිහිපයක රාජ්‍ය තාන්ත්‍රියන්ද මේ වන විට රජයට විරෝධය පළකර ඇතැයි පැවසේ. ජාතිවාදයට මුවා වී සමාජ ජාලා ඔස්සේ ගොඩනැගුණු ආණ්ඩු විරෝධය යටපත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද විපක්ෂ පාර්ශව වලින් චෝදනා එල්ල වෙයි.

Related posts

මම අමාත්‍යාංශ වල විෂයන් බෙදා අවසන්

Admin

පරෙවි දූපතට පිවිසීමට නව පාලමක් ඉදිකරන්න ජනපතිගෙන් උපදෙස්

colombotoday

මොරගහකන්දේ ජලය උතුරටත්.. ව්‍යාපෘතියේ කොටසක අයිතිය විග්නේෂ්වරන් ඉල්ලයි !

colombotoday

දැදුරු ඔයේ වාන් දොරටු අරී.. කුරුණෑගල , අනුරාධපුර ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වෙයි

colombotoday

රුපියල දිගටම ශක්තිමත් වීම හොඳ නෑ

Admin

උසස් පෙළ අයදුම්පත් සංශෝධන කාලය දීර්ඝ කෙරේ…

Admin