එක්සත් ජාතික පක්ෂයේ කෘත්යාධිකිරී මණ්ඩලය අද රැස්වූ අතර එහි තනතුරු රැසක වෙනකස් කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පත්කර තිබේ. ඒ මහතා මීට පෙරාතුව දැරූ ජාතික සංවිධායක ධූරය තනතුරක් ලෙස අහෝසි කිරීමට තීරණය කර ඇත.
වතු සේවක සංගමයක් වන ලංකා ජාතික වතු සේවක සංගමයේ සභාපතිත්වය අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාටද,ලක්වනිතා පෙරමුණේ සභාපතිත්වය ඛනිජ සම්පත් සංවර්ධන නි.අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය පත්කොට ඇත.
ජාතික සේවක සංගමයේ සභාපති ධූරය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාටද,ජාතික යොවුන් පෙරමුණේ සභාපති ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාටද ලබා දී තිබේ.