Gossip

“ආලෝකෝ උදපාදි” මාධ්‍යය දැක්ම

මීට වසර 2100කට පෙර වළගම්බා රජ දවස සිදුවූ සොලී ආක්‍රමණයත්, එකී සොලී ආක්‍රමණය හමුවේ එතෙක් සෞභාග්‍යයෙන් අනූනව පැවැති ශ්‍රී ලංකා ද්වීපය ක්‍රමයෙන් විනාශය කරා ගෙනයාමත්, බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ ජනීජනයා දැඩි පීඩාවට පත් කරමින් රට අරාජිකත්වය කරා ගෙනයමින් සිටි සමයක වළගම්බා රජු යළිත් භික්ෂූන් වහන්සලාගේ අනුග්‍රහය යටතේ සංවිධානය වී සොලීන් පළවා හැර රට ආක්‍රමණිකයන්ගෙන් බේරාගෙන සිංහාසනාරූඪ වීමත්, අනතුරුව භික්ෂූන් වහන්සෙලා විසින් බුදු දහමේ හරය ග්‍රන්ථාරූඪ කිරීමත් පාදක කොටගෙන කැන්ඩි සිටි සෙන්ටර් සභාපති තුසිත විජයසේන විසින් නිෂ්පාදනය කරන ලද, චත්‍ර වීරමන් අධ්‍යෂණය කරන ලද ‘ආලෝකෝ උදපාදි’ සිනමා නිර්මාණයේ මාධ්‍ය දැක්ම පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි.

‘ආලෝකෝ උදපාදි’ තිර රචනයෙන් සමන් වීරමන්, සම අධ්‍යෂණයෙන් භාරත හෙට්ටිආරච්චි, කැමරා අධ්‍යෂණයෙන් ප්‍රභාත් රෝෂණ, සංගීත අධ්‍යක්ෂණයෙන් මිලින්ද තෙන්නකෝන්, සංස්කරණයෙන් ශාන් අල්විස්, කලා අධ්‍යක්ෂණයෙන් සුනිල් විජේරත්න සහ අංග රචනයෙන් ජයන්ත රණවක මීට සිය දායකත්වය ලබාදී ඇති අතර, රංගනයෙන් උද්දික ප්‍රේමරත්න, දිල්හානි ඒකනායක, නිරෝෂා තලගල, රොෂාන් රවීන්ද්‍ර, මේනකා පීරිස්, දර්ශන් ධර්මරාජ්, බුද්ධදාස විතානාච්චි, නිහාල් ප්‍රනාන්දු, ක්ලීටස් මෙන්ඩිස්, ඩබ්. ජයසිරි, ඩග්ලස් රණසිංහ, දිනෙත්ද සිල්වා, රාජසිංහ ලෝලුවාගොඩ ආදීහු මීට දායක වෙති.

‘ආලෝකෝ උදපාදි’ එළඹෙන 20වැනිදා සිට දිවයින පුරා ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමාහල්වලදී ප්‍රදර්ශනය කෙරේ.

Related posts

සුමධුර කවිබණ පදයෙන් සුවහස් හදවත් සනහාලූ බුද්ධ පුත්‍රයෙකුට ජීවිතය දෙමු (Video)

colombotoday

විග්නේෂ්වරන්ගේ පුතා ඉරාජ් එක්ක ජාතිවාදයට එරෙහිව කියපු ගීතය මෙන්න

colombotoday

මම කවදාහරි මැරෙන්නෙත් වේදිකාවක් උඩ – උමාරියා සිංහවංශ

colombotoday

බෞද්ධ සංස්කෘතියට අපහාස කරන සමලිංගික චිත්‍රපටයක් රජයේ අනුමැතියෙන් රටපුරා ප්‍රදර්ශනයේ !

colombotoday

මහින්දානන්දට යළිත් මංගල සීනු හැඩවෙයි.. !!

colombotoday

හිට්ලර් යළි උපදී, ලෝකයම හිනස්සයි (video)

colombotoday