Colombo Today Local News

බෙල්ලන්විල නා හිමියෝ අද දැයෙන් සමුගනිති

බෙල්ලන්විල රජමහ විහාරය, අත්තිඩිය මාලිගාවත්ත පුරාණ විහාරයන්හි විහාරාධිකාරිව වැඩ විසූ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරන්ධර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අපවත් වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි ආදාහන පූජෝත්සවය අද (08දා) සවස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාපිටියේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය මත සිදුකෙරේ.

උන්වහන්සේගේ ශ්‍රී දේහය අද පස්වරු 2.30ට බෙල්ලන්විල රජමහ විහාරස්ථානයේ සිට ශ්‍රී ජයවර්ධනපුර සරසවි භූමිය දක්වා පොලිස් පෙරගමන් රථය පෙරටුකරගත් පෙරහරකින් වැඩමකරවීමට කටයුතු සංවිධානය කර ඇත. කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ සහ තෛ්‍රනිකායික මහානායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය, දහම් පාසල් සිසු දරු දැරියන් බාල දක්ෂ කණ්ඩායම් දායක දායිකාවන් ප්‍රමුඛ මහජනතාව මෙම ආදාහන පෙරහරට සහභාගි වන බව ආදාහන කමිටුව සඳහන් කරයි.

ශ්‍රී දේහය රැගත් ආදාහන පෙරහර බෙල්ලන්විල රජමහ විහාරයෙන් පිටත්වී බොරලැස්ගමුව හන්දියෙන් වමට හැරී කොළඹ පිළියන්දල ප්‍රධාන මාර්ගයේ රත්තනපිටිය මංසන්ධියට පැමිණ එතැනින් දකුණට හැරී විජයාරාම පාර ඔස්සේ ශ්‍රී ජයවර්ධනපුර සරසවි ක්‍රීඩාංගණයට අවතීර්ණවීමට නියමිතය. උන්වහන්සේට දක්වන ගෞරවයක් ලෙස ආදාහන පෙරහර ගමන් ගන්නා මාර්ගය දෙපස කහ පැහැති ධජ ප්‍රදර්ශනය කිරීමට කාරුණික වන ලෙස ආදාහන කමිටුව එම ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

ඩයනාගේ පෙත්සමට දින දෙයි

Admin

මෙවර අයවැයෙන් එක් ග්‍රාම නිලධාරි වසමකට මිලියන 200ක්

colombotoday

ISIS අරමුණ ශරියා නීතිය සහිත කැලිෆට් (ඉස්ලාම්) රාජ්‍යයක් බිහිකිරීමයි – ඇමති සජිත්

colombotoday

මීගමුව බන්ධනාගාරයෙන් දුරකථන 61ක් සොයා ගනී

colombotoday

බැදුම්කරයට චන්ද්‍රිකාගේ නමත් ගෑවෙයි.. කෙරුවාවන් තොගයක් එළිකරන්න යයි

colombotoday

කොස්ගොඩදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කරයි.. සැකකරු නිදැල්ලේ..

colombotoday