Colombo Today Local News

ප්‍රධාන රෝහල් ළඟ බෞද්ධ කාන්තාවන්ට පමණක් නොමිළේ කෑම දෙන මේ අය කවුද?

කොළඹ ප්‍රධාන පෙළේ රෝහල්වල සායනවලට පැමිණෙන බෞද්ධ කාන්තාවන් සඳහා ටිකට්‌ පතක් ලබාදී නොමිලේ බුෆේ කෑම සපයන සංවිධානය පිළිබඳව රජයේ අවධානය යොමුවිය යුතු බව සමස්‌ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහති පවසයි.

කොළඹ ජාතික රෝහල, කළුබෝවිල, කාසල්, සොයිසා වැනි රෝහල් ඉදිරිපිට මොවුන් මේ ආකාරයෙන් වසර කීපයක සිට ආහාර ලබාදෙන බව ඒ මහතා කියා සිටී. මොවුන්ගේ මෙම උනන්දුව ගැන රජය සොයා බැලිය යුතු බවත් මේ ස්‌ථානවල ආහාර සකස්‌ කරන ආකාරය ගැන පරීක්‍ෂාවට ලක්‌කල යුතු බවත් ඔහු අවධාරණය කරයි. යෑයි සමස්‌ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවැසීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අසේල සම්පත් මහතා,

“දැන් මේ නොමිලේ ලබාදෙන ආහාර ශරීර සෞඛ්‍යයට හොඳද කියන එක ගැන රජයේ බලධාරීන් කිසිම ප්‍රකාශයක්‌ කරන්නේ නැහැ. මේක ජාතිවාදය අවුස්‌සන දෙයක්‌ නොවෙයි. මේක ශරීර සෞඛ්‍ය ගැන තිබෙන ප්‍රශ්නයක්‌. දැන් කොළඹ ජාතික රෝහලට, කළුබෝවිල, කාසල්, සොයිසා කියන රෝහල්වල සායනවලට දුරබැහැරින් එන රෝගීන්ට මේ සංවිධානයේ අය ගිහින් ටිකට්‌ එකක්‌ දීලා දවල්ට කෑම කාලා යන්න එන්න කියනවා. ඉතිං අපේ තරුණියන්, කාන්තාවන් ඒ තැන්වලට ගිහින් කෑම කනවා. ඒ කෑම දෙන ස්‌ථානයේ ගහලා තියෙනවා කෑම පිටතට රැගෙන යාම තහනම් කියලා. එතැන කුකුළ් මස්‌, හරක්‌ මස් ,‌ මාළු, එළවළු යනාදිය තියෙනවා. මේවායේ සෞඛ්‍යමය තත්ත්වයන් පිළිබඳව සොයා බලන්න කොන්දක්‌ ඇති පී. එච්. අයි. මහත්වරුන් යොදවන්න. එහෙටයි මෙහෙටයි වැනෙන අය අපිට එපා. කෙලින් තීරණ ගන්න පුළුවන් අය පත්කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා” යැයි පැවසීය.

Related posts

කෙහෙළියට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද..

Admin

පාර්ලිමේන්තුව විසිරවීමේ ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබයි. ඡන්දය ජනවාරි 5 ?

colombotoday

උතුරේ වෙනම දෙමළ රාජ්‍යයක් සදහා ජනමතවිචාරණයක් කැදවයි !

colombotoday

කළු ගඟේ දිය නෑමට ගොස් දෙදෙනෙකුට දිවි අහිමි වේ

Admin

“යහපාලන රජයෙනුත් දමිළයන්ට කෲර වධහිංසා” යස්මින් සූකා කියයි. එදා මහහඩින් කෑගැසූ මානව හිමිකම් ඈයෝ දැන් කොහි සැගවුණිදෝ

colombotoday

ලංවීම, සිපෙට්කෝ, ශ්‍රී ලංකන් එයාර් හොදටම පාඩුයි.. විකුණලා දාන්න තීරණය කළා

colombotoday