Colombo Today Local News

තෙල්දෙණියේ ගිනි නිවන්න STF කැදවයි.. විරෝධතා, පෙලපාලි තහනම්.. ආරක්ෂාව තර කරයි

මුස්ලිම් ජාතික පිරිසක් විසින් සිදුකරන ලද අමානුෂික පහරදීමකින් පුද්ගලයෙකු මිය යෑමත් සමග තෙල්දෙණිය ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.

සිද්ධියට විරෝධය පාමින් මහනුවර-මහියංගන මාර්ග අවහිර කරමින් ටයර් ගිනිතබමින් පිරිස් විරෝධය දක්වා ඇති අතර, මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අතිරේක පොලිස් නිලධාරීන්ද ආරක්ෂාවට යොදවා ඇති බවයි බවයි පොලිසිය සදහන් කරන්නේ.

මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු අද 05 දිනයේ සිදුකෙරෙන අතර, දේහය දිගන නගරයට රැගෙන ඒමටයි පවුලේ ඥාතීන් ඇතුළු හිතවතුන් සූදානම් වී ඇත්තේ. ඒ සඳහා දිගන, තෙල්දෙණිය, උඩිස්පත්තුව, මැදමහනුවර ප‍්‍රදේශවාසීන්ද එක්වීමටයි නියමිතව සිටියේ. ඒ පිළිබඳ තොරතුරු වාර්තා වීමෙන් පසු දිගන නගරයේ පෙළපාලි යාම සහ කළබල කිරීම වළක්වමින් තහනම් නියෝගයක් ලබා ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

රථයක් තමන් ගමන් ගත් ත්‍රීරෝද රථයට ඉස්සර කිරීමට ඉඩ නොදීමේ සිද්ධියක් මුල්කරගනිමින් මුස්ලිම් පිරිසක් විසින් එම ලොරි රථයේ රියදුරු වූ 42 හැවිරිදි එම්.ජී. කුමාරසිංහ නම් දෙදරු පියෙකු ට අමානුෂික ලෙස පහරදී තිබුණු අතර, ඔහු මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පෙරේදා 02 අළුයම මිය ගියේය.

 

Related posts

ගෝඨාභයට සිංගප්පූරු බලධාරීන් යන්න කියයි

colombotoday

චම්පිකගෙන් බුද්ධි අංශවලට චෝදනා

colombotoday

ඉන්ටවල් ඉවරයි… තනතුරු නැතිව බෑ… මුස්ලිම් ඇමතිලා එන සතියේ යළි දිවුරයි !

colombotoday

විදුලිබල පනත වැඩි ඡන්ද 84කින් සම්මතයි

colombotoday

දෙස් විදෙස් සංචාරකයින්ට, නව සංචාරක කලාප කිහිපයක්

colombotoday

කිරි ගව සොරකම් දඩය ලක්ෂ 10 කරන්නැයි උපදෙස්

Admin