Colombo Today Local NewsTop Stories

හමුදාවට එරෙහිව ඇමරිකාව ගෙනා යෝජනාවක් ශ්‍රී ලංකාව පිළිගනි.. රටට වසන් කළ රහසක් ජිනීවා වාර්තාවකින් හෙළිවේ

 මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව ආරක්‌ෂක හමුදා සහ රාජ්‍ය නිලධාරීන් වගකිවයුතු බවට ඇමෙරිකානු රජය මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කළ යෝජනාව ශ්‍රී ලංකා රජය පිළිගෙන ඇත.

මාර්තු 16 වැනි දා ජිනිවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත්වන විශ්වකලානතිය සමාලෝචන වාර්තාවෙන් මේ බව අනාවරණය කර තිබේ.

එහෙත් මෙරට ජනතාවට මේ තොරතුරු වසන්වී තිබුණි.

මේ හැර මානව හිමිකම් උල්ලංඝනය කළ අයට නඩු පැවරිය යුතු බවට ආජන්ටිනාව ඉදිරිපත් කළ නිර්දේශය ද යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ඉදිරියට ගෙන යා යුතු බවට දකුණු අප්‍රිකාවේ නිර්දේශයද, යුද්ධය පැවැති සමයෙහි සිවිල් ජනතාවට එරෙහිව කරන ලද අපරාධ සඳහා පරීක්‍ෂණ කරන බවට සහතික කළ යුතු යයි ප්‍රංශ රජය ඉදිරිපත් කළ යෝජනාවද ශ්‍රී ලංකා රජය පිළිගෙන තිබේ.

එසේම දකුණු අප්‍රිකාව ඉදිරිපත් කළ සත්‍ය සෙවීමේ කොමිසමක්‌ ස්‌ථාපිත කළ යුතු බව දැක්‌වෙන නිර්දේශය ශ්‍රී ලංකාව පිළිගෙන ඇත.

කීර්ති වර්ණකුලසූරිය – දිවයින

Related posts

අරිසිමලේ පන්සලට ගහනකොට කෝ තොපේ එකම ලේ…!

colombotoday

මන්නාරම මඩු විහාරස්ථානයේ හිමිනමක් අභිරහස් ලෙස අපවත් වෙයි

colombotoday

මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Admin

ග්‍රාම නිලධාරී වසම් 5ක හුදකලා බව ඉවතට

colombotoday

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අසාද් සාලිට රැඳවුම් නියෝග.

colombotoday

වාහන සිහිනය තවත් ඈතට… අලුතෙන් තවත් බද්දක් පනවන්න යයි!

colombotoday