Colombo Today Local News

විශ්වාසභංගය මේ සතියේ.. අගමැති රනිල් තුන් පැත්තකින් හිරවේ…

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි තීරණාත්මක විශ්වාසභංගය ඉදිරි දින කිහිපයේදී අනිවාර්යයෙන්ම ගෙන එන බව ඒකාබද්ධ විපක්‍ෂයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ සඳහා මේ වන විට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන්ට අමතරව එජාප මන්ත්‍රිවරුන්ගේද අස්සන් ලබාගනිමින් පවතින බව එම ආරංචිමාර්ග සඳහන් කරයි.

ඊට අස්සන් කරන එජාප මන්ත්‍රිවරුන් වෙනම කණ්ඩායමක් වශයෙන් ඒ සඳහා සහාය ලබා දෙන බවද පවසන එම ආරංචිමාර්ග ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලනිප මන්ත්‍රි කණ්ඩායමද විශ්වාසභංගයට සහායදීම සඳහා අවසන් තීරණයක් ගන්නා තැනට මේ වන විට පැමිණ ඇතැයිද සඳහන් කරයි.

ඒ අනුව මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය සඳහා පෙරමුණු තුනකින් සහාය පළවෙමින් පවතින බවද එම ආරංචිමාර්ග තවදුරටත් පවසයි. මෙම විශ්වාසභංගයේ රහස්‍ය භාවය ආරක්‍ෂා කර ගැනීම උදෙසා ඒකාබද්ධ විපක්‍ෂය, එජාපය හා ආණ්ඩුවේ ශ්‍රී ලනිප පාර්ශ්වය වෙන වෙනම පත්‍රිකා තුනක සිය අස්සන් යොදමින් පවතින බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පක්‍ෂ තුන මඟින් නම් කළ විශේෂ නියෝජිතයන් තිදෙනකු එම අස්සන් ගැනීමේ කාර්යයෙහි නිරත වන බවද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඒකාබද්ධ විපක්ෂය මේ වන විටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සකස් කර ඇති බවත් ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් තිහකට ආසන්න පිරිසකගේ අස්සන් මේ වන විට ලබාගෙන ඇති බවත් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා “ඉරිදා මව්බිම”ට පැවැසීය. එජාප, ශ්‍රී ලනිප සමඟ ඒකාබද්ධව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් ලබන අඟහරුවාදා ඇරැඹෙන පාර්ලිමේන්තු සතියේදී ඒකාබද්ධ විපක්ෂයේ යෝජනාව කතානායකවරයාට භාරදීමට අදහස් කරන බවද රංජිත් සොයිසා මන්ත්‍රිවරයා සඳහන් කළේය.

මේ අතර ලබන අඟහරුවාදා පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ද විශ්වාසභංගය ගැන සාකච්ඡා කරන බවද මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවැසීය.

– Mawbima

Related posts

ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ අගෝස්තු 5 වැනිදා පිහිටුවනවා

colombotoday

“ආප්ප විප්ලවය” සමරන්න සතියක් පුරා බාල් නටන්න සූදානම් වෙනවා

colombotoday

ආණ්ඩුව අදූරදර්ශී ලෙස ජනවරමට හානි කරනවා.. අගමැති මහින්ද දුන් පොරොන්දුව කඩනවාදැයි අපි බලාගෙන ඉන්නවා..

colombotoday

රෙජිනෝල්ඩ් විග්නේශ්වරන් සමග එක්වී ජාතික ගීය දෙමළෙන් ගයා වැඩ අල්ලයි

colombotoday

සිව්වනි වරටත් පොලිස්පතිට සේවා දිගුවක්

Admin

බදියුදීන් ඇතුළු ඉල්ලා අස්වූ සියලු දෙනා නැවත ඇමතිකම්වල දිවුරන්න සූදානම් !

colombotoday