Colombo Today Local News

“වඳ පෙති ගැන ප්‍රකාශය බොරුවක්” – බොදු බල සේනා”

පසුගියදා අම්පාර ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය මූලික වුණු “වද පෙති“ සම්බන්ධයෙන් සමාජජාලා ඔස්සේ සංසරණය වන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කළැයි කියන ප්‍රකාශය අසත්‍යක් බව බොදුබල සේනා සංවිධානය පවසයි. ඒ සම්බන්ධයෙන් එම සංවිධානය නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

පසුගියදා අම්පාර ප්‍රදේශයේ සිදුවූ නොසන්සුන්තාවයට මූලික වුනු “වඳ පෙති” සම්බන්දයෙන් බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි සිදුකල ප්‍රකාශයක් යැයි හුවා දක්වමින් උන්වහන්සේ විසින් කිසිසේත් නොකළ ප්‍රකාශයක් සංස්කරණය කර අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

අන්තර්ජාලයට එක්කර ඇති අසත්‍ය ප්‍රචාරය

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෝ බොදු බල සේනා සංවිධානය විසින් අම්පාර ප්‍රදේශයේ සිදුවූ සිදුවීම සම්බන්දයෙන් මෙම නිවේදනයට පෙර කිසිදු මාධ්‍ය නිවේදනයක් හෝ ප්‍රකාශයක් සිදුකර නොමැත.

මෙවැනි අසත්‍ය ප්‍රචාර කරන්නන්ට විරුද්ධව පොලිස් මුලස්ථානයට පැමිණිලි කිරීමට අප සංවිධානය ක්‍රියාකරම්න් සිටින අතර සංවිධානත්මක ලෙස බොදු බල සේනා සංවිධානයේ කිර්ති නාමය විනාශ කිරීමට කුමන්ත්‍රණකාරී පිරිසක් දිගින් දිගටම අන්තර්ජාල මාධ්‍ය බාවිතා කරමින් කටයුතු කරමින් සිටියි. බොදු බල සේනා සංවිධානයේ නිළ වෙබ් අඩවියෙන්(www.bodubalasena.org) පමණක් අප සංවිධානයේ නිවේදන ලබා දෙන අතර අනෙකුත් Facebook පිටු සම්බන්ධයෙන් අපගේ කිසිදු වගකීමක් නොමැත.

මීට ඉහත, කිහිප අවස්ථාවකදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් “වඳ පෙති” සම්බන්ධයෙන් සිදුවීම් වාර්තා වූ අතර මේ පිලිබදව විදිමත් පරීක්ෂණයක් නොකිරීමේ ප්‍රතිපලයක් ලෙස අම්පාර ප්‍රදේශයේ සිදුවූ ගැටුම්කාරී තත්වය හැඳින්විය හැක. ජනතාවට තමන් මිලදී ගන්නා අහාර පිලිබදව විශ්වාසයක් තිබිය යුතු අතර එසේ විශ්වාසයක් නොමැති ස්ථානවලින් අහාර ලබා නොගැනීමට ජනතාව වගබලා ගත යුතුය. ජනතාවට විශ්වසනීය ලෙස ආහාර ලබාගැනීමට හැකි පරිසරය සෑදීමේ වගකීම රජය සතුය. එම වගකීම වගකිවයුත්තන් විසින් හරි හැටි ඉටු කලානම් මෙවැනි ගැටුම් ඇති වීමට අවස්ථාවක් නැත.

බොදු බල සේනා මාධ්‍ය අංශය

Related posts

ජන බල විරෝධයේ දිනේෂ්, නාමල්, විමල්, ගම්මන්පිල ඇතුළු මන්ත්‍රීන් 11ක් අත්අඩංගුවට ගැනීම නියෝග…

colombotoday

පොදු ප්‍රවාහන සේවා වලට විද්‍යුත් ටිකට් පතක්

Admin

එක්වරම නිකාබය ඉවත් කරන්න බෑ.. ඒක හරියට නිරුවතින් පාරේ යනව වගේ… – මුස්ලිම් කාන්තාවෝ පිරිසක් කියති

colombotoday

උලමා සභාව විසින් පැවැත්වූ සාකච්ඡා රැසක හඬපට බොදු බලේට ලැබිලා – රහස් රැසක් එලියට

colombotoday

පොලිසියට අවශ්‍යව සිටි ෆාතිමා ලතිෆා අත්අඩංගුවට

colombotoday

රටේ රජාට බෝගස්වැව අමතක වෙද්දී එහි ජනතාව අලුතෙන් රජෙක් පත් කරගෙන

colombotoday