Colombo Today Local News

අහඹු පීසීආර් 45කින් ආසාදිතයින් 26 දෙනෙකු හදුනා ගනී

නුවරඑළිය , අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මඟින් ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොළ අසල දි සිදුකළ අහඹු පීසීආර් පරීක්ෂණ 45කින් ආසාදිතයින් 26 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

එම ආසාදිතයින් කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවේ නිරතව සිට වතුකරයේ තම නිවාස වෙත පැමිණි පිරිසක් බව වාර්තා වේ.

අඹගමුව, මස්කෙළිය, කොටගල, ළිඳුල, බගවන්තලාව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශවලින් එම අසාදිතයන් 26දෙනා හමු වී තිබේ.

ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් ස්වයං නිරෝධානයට යොමු කර ආසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට අදාළ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.

ඉකුත් අප්‍රේල් 24 වන දින එම පීසීආර් පරීක්ෂණ සිදුකර තිබේ.

Related posts

රනිල් – මෛත්‍රී සීතල යුද්ධය ඇවිළෙයි.. මහබැංකු අධිපති පත්කිරීම ජනපති අතට ගනී !

colombotoday

ආණ්ඩුව ගෙදර යනතුරු සටන ඉදිරියට….

colombotoday

දූෂණ විරෝධී පනත සංශෝධන සහිතව සම්මත වෙයි

Admin

ගෝඨා සමග රට දියුණු කරන ගමනට අපි සූදානම් – ගෙලිඔයේදී මුස්ලිම් ජනතාව කියයි

colombotoday

ජනපතිගේ සමීපතමයෙක් සිරස මුල් පුටුවට !

colombotoday

දික්වැල්ලේ වෙඩි තැබීමකින් සර්ෆ් පුහුණුකරුවෙකු ජීවිතක්ෂයට

colombotoday