Colombo Today Local News

මෙරට ඉඩම් මැනීම ඇමරිකානු සමාගමකට.. රජයේ මිනින්දෝරුවෝ සේවයෙන් ඉවතට..

මෙරට ඉඩම් මැනීමේ කටයුතු ඇමෙරිකානු සමාගමකට ලබාදීමට ගෙන තිබෙන තීරණය වෙනස් නොකරන නිසා එයට එරෙහිව මේ මස 08 වැනිදා සිට සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව රජයේ මිනින්දෝරු සංගමය සඳහන් කරයි.

මෙම ක්‍රියාවට විරෝධය දක්වමින් මේ වනවිට පිඹුරුපත් නිකුත් නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙන බවද එම සංගමයේ සභාපති දුමින්ද උඩුගොඩ මහතා සඳහන් කළේය.

ඉඩම් ඔප්පු ලක්ෂ 11ක් ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන දහතුන් දහස් පන්සියයක වියදමින් මෙරට මිනින්දෝරුවන්ට අදාළ කටයුත්ත සිදුකිරීමට හැකියාව තිබෙන බවද ඔහු පවසා සිටියේය.

එහෙත් බලධාරීන් මේ පිළිබඳ අවධානය යොමු නොකර අදාළ කටයුත්ත රුපියල් මිලියන විසිපන්දහසකට අධික මුදලක් වැයකර අදාළ කටයුත්ත ඇමෙරිකානු සමාගමකට පැවරීමට කැබිනට් මණ්ඩල අනුමැතියක් ලබාගෙන තිබෙන බවදඒ මහතා සඳහන් කළේය.

අදාළ මුදල 04% පොලී අනුපාතයක් යටතේ ලබාගැනීමටද යෝජනා වී තිබෙන බවත්, ඉඩම් කට්ටි ලබාදීමේදී අදාළ ඉඩම් හිමියාගේ ඇහේ කළු ඉංගිරියාව ස්කෑන් කර ලබාගෙන, ඒ හරහා ලිපිගොනු සැකසීමටද ඇමෙරිකානු සමාගමට අවසර ලබාදී තිබෙන බවද සභාපතිවරයා කියා සිටියේය.

මේ නිසා රටේ ආරක්ෂාවටත් දැඩි තර්ජනයක් එල්ලවෙමින් තිබෙන බවත්, එයට මේ නිසා මෙම කටයුත්ත අවලංගු කරනතුරු 08 වැනිදා සිට වැඩවර්ජනයක නිරත වන බවද හෙතෙම සඳහන් කළේය.

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

Admin

“මගේ කාලයේ බැදුම්කර ගණුදෙනු ගැනත් හොයන්න” – මහින්දගෙන් අභියෝගයක්

colombotoday

අදත් ප්‍රදේශ රැසකට තද වැසි… නායයෑමේ අනතුරු ඇඟවීම් තව දුරටත්

colombotoday

මහින්ද දේශප්‍රියට අලුත් තනතුරක්

colombotoday

බදු මුදල් වියදම් ගැන ජනතාවට වාර්තාවක් ලබාදෙන්නැයි මාන්නප්පෙරුමගෙන් යෝජනාවක්

Admin

සමාජ ජාලාවලිනුත් ඡන්ද ප්‍රචාර තහනම්… නීති කැඩුවොත් වැඩ වරදී…

colombotoday