Colombo Today Local News

ලසන්ත ඝාතනය තමාපිට දාන හේතුව හිටපු ආරක්ෂක ලේකම් කියයි !

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට තමාගේ සම්බන්ධයක් ඇති බවට ප්‍රකාශ කිරීම ජනතාව නොමඟ යැවීමට සහ සත්‍ය තොරතුරු වසන් කිරීමට ගන්නා උත්සාහය හාස්‍යජනක බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි.

දේශපාලනඥයින් විසින් සිදුකරන ප්‍රකාශවලින්ද එය පැහැදිලි වන බව තමාට එල්ල වී ඇති චෝදනා පිලිබඳව නිවේදනයක් නිකුත් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස්, රක්නා ලංකා ආරක්ෂක සේවය, ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීම හා ඩී.ඒ. රාජපක්ෂ පදනම වැනි විෂයන් රැසක් යටතේ විවිධ විමර්ශන පවත්වමින් තම චරිතය ඝාතනය කිරිමට වත්මන් ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බව හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙයි.

මෙම තත්ත්වය හමුවේ හිටපු පුවත්පත් කර්තෘවරයෙකු වන ලසන්ත වික්‍රමතුංග ඝාතනයට තමන් සම්බන්ධ බව පවසා එමගින් හෝ තමන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් පවතින බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

දේශපාලන අරමුණු මුල් කර ගනිමින් පොලිසිය පවා සාවද්‍ය සාක්ෂි නිර්මාණය කරමින් රජය ගෙන යන මර්ධනකාරී වැඩපිලිවෙලට සහය ලබාදෙන බව පවසන හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආකාරය පිලිබඳව රට තුළ පමණක් නොව ජාත්‍යන්තරව ද රටට මහත් අපකීර්තියක් සිදුවන බව ප්‍රකාශ කළේය.

Related posts

එජාප ජේෂ්ඨයන් තිදෙනෙකුගේ පට්ටම් ගැලවෙයි.. ජනපතිගේ යෝජනාවට අගමැති එරෙහි වෙයි..

colombotoday

පළාත් පාලන ආයතන 204ක් ආවරණය කරමින් සංවර්ධන සැලසුම් 172ක්

Admin

රුපියල් 5000 සේ හොර නෝට්ටු බන්ඩල් 128ක් සමග සැකකරුවන් කොටු

colombotoday

සල්ලි කොල්ලකන අපරාධ කල්ලියක් ගැන මහ බැංකුවෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්

colombotoday

මහින්දට එරෙහිව රන්ජන්ගෙන් FCIDයට පැමිණිල්ලක්

colombotoday

සිංහ කොඩිය එවරස්ට් කඳු මුදුනේ.. ලාංකික කත වාර්තා පොතට එක්වෙයි

colombotoday