Colombo Today Local News

මරණ දඩුවම නියම වූ වෙලේ සුදා නිදෝස් කොට නිදහස් කෙරේ

කුප‍්‍රකට මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තා මත්කුඩු නඩුවකින් අද (28) නිදොස් කොට නිදහස් කෙරුණා. 2000 වර්ෂයේදී හෙරොයින් ග‍්‍රෑම් 6.07 ක් ළග තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාව මතයි ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ එම නඩුව පවරා තිබුණේ.

කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි ඉදිරියේ නඩුවට අදාළ සාක්‍ෂි විභාගය සිදු කෙරුණා. එහිදී නඩුවේ ඉදිරිපත් වී ඇති සාක්‍ෂි සලකා බලා වෙලේ සුදා නමැත්තා නිදොස් කොට නිදහස් කිරීමටයි අද තීරණය කෙරුණේ.

ගල්කිස්ස ප‍්‍රදේශයේදී මෙම විත්තිකරු සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් ප‍්‍රමාණයට වඩා රස පරීක්‍ෂකවරයා වෙත යවා ඇති හෙරොයින් ප‍්‍රමාණය වැඩි බවට අධිකරණයේදී අනාවරණ කිරීමට විත්ති පාර්ශවයට හැකි වී තිබෙනවා.

කෙසේවෙතත් තවත් නඩුවකට වෙලේ සුදා මේ වනවිට මරණ දඩුවමට නියම වී සිටිනවා. එම නඩුවම එලෙසම කි‍්‍රයාත්මක වනවා.

Related posts

ඇල්පිටියේ දී ගිනිඅවි ඇතුළු අවි ආයුධ සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

ආචාර්ය නන්දලාල් ලෝකයේ හොඳ ම මහ බැංකු අධිපතිවරුන් 21 දෙනා අතරට

Admin

රාජ්‍ය දේපළ අවභාවිතයේ

Admin

රන්ජන්ගේ අඩුවට අජිත් මානප්පෙරුම දිවුරුම් දෙයි

colombotoday

“ශ්‍රීලනිපය එජාපය හා එක්ව සිටීම රටට අහිතකරයි” SB

colombotoday

වගකීම් දැරීමට නොහැකි අය රටේ නායකත්වයෙන් අයින් කරන්න ඕනෑ. – අගරදගුරු තුමාගෙන් ප්‍රකාශයක්

colombotoday