Colombo Today Local News

අම්පාරට ARMY හා STF ආරක්ෂාව…

අම්පාර නගරයේ පිහිටි ආපන ශාලාවකින් ආහාර ගැනීමට ගිය පුද්ගලයෙකුගේ ආහාරවලට පෙති වර්ගයක් දැමීම හේතුවෙන් ඊයේ (26දා) රාත්‍රියේ දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි අම්පාර පොලීසිය පවසයි.

මෙහිදී ඇති‍වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් වෙළෙඳ සැල් හතරකට හා ආගමික ස්ථානයකට හානි සිදුව තිබේ.

අම්පාර පන්සල් හන්දිය ප්‍රදේශයේ ආපන ශාලාවකදී මෙම සිදුවීම සිදුව ඇති අතර, අම්පාර පොලීසිය පැමිණ පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

මෙම සිද්ධි පිළිබඳ උරණ වූ පිරිස් වෙළෙඳ සැල් කිහිපයකට පහර දී ඇති අතර, එය නැවත්වීමට පොලීසිය උත්සාහ කළද, එය ව්‍යර්ථ වී තිබේ. පසුව වෙනත් පොලිස් ස්ථානවලින් අමතර පොලිස් බළඇණි සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ගෙන්වා පිරිස විසුරුවා හැරීමට කටයුතු කර තිබේ.

මෙම සිද්ධිය සැළ වූ වහාම නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර, ශ්‍රී ලංකා යුද හමුදාවේ 24 වැනි සේනාංකාධිපති මේජර් ‍ජෙනරාල් මහින්ද මුදලිගේ, අම්පාර දිසාපති තුසිත පී. වනිගසිංහ යන මහත්වරු එම ස්ථානයට පැමිණ තත්ත්වය පාලනය කළහ.

ෙමීට අමතරව ඊයේ (26දා) රාත්‍රියේ සිට අම්පාර නගරයට හා අනාරක්‍ෂිත යැයි හැ‍ඟෙන පූජනීය ස්ථාන සඳහා යුද හමුදාව, පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්‍ෂාව යොදවා තිබිණි.

මෙම ආපන ශාලාවෙන් ලබා දුන් ආහාර රජයේ රසපරීක්‍ෂකවරයා වෙත යැවීමට පොලීසිය කටයුතු කර තිබේ.

පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රදේශයේ මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආරක්‍ෂක නිලධාරීන් අතර අම්පාර දිසාපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කිරීමට එහිදී සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව පළ විය.

මෙම සිද්ධියේදී කලහාකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ගුණසේකර මහතා සඳහන් කළේය.

පවතින තත්ත්වය යහපත් අතට පත්වන තෙක් අවශ්‍ය සෑම ස්ථානයකටම ආරක්‍ෂාව සැලසීමට මෙම සාකච්ඡාවේදී තීරණය විය.

Ada

Related posts

මහින්ද රාජපක්ෂ ජැක්සන් බලන්න රෝහලට යයි

colombotoday

තෛපොංගල් වෙනුවෙන් හින්දු ආගමික රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

Admin

තවත් කොරෝනා ආසාදිතයින් පස්දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

(Video)ඔබ සූදානම්ද.. අපි සූදානම්.. ජන සටන හෙල්ලූ මහින්දගේ කතාව මෙන්න

colombotoday

දින 40ක් තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 17,301 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday