Colombo Today Local News

“රාජ්‍ය බැංකු මට ඕන.. නැතිනම් මේ ඇමතිකම මට එපා“ – කිරිඇල්ලත් බර අවි ඔසවයි

රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබූ රාජ්‍ය බැංකු යළි මුදල් අමාත්‍යාංශයට අනුයුක්ත කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තීරණය කර ඇත.

ඒ අනුව රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යවරයා ලෙස ඊයේ අලුතෙන් පත්කරනු ලැබූ ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ විෂය පථයට රාජ්‍ය බැංකු අයත් නොවන අතර, ඒ පිළිබදව ඔහු දැඩි විරෝධය පලකර ඇත.

රාජ්‍ය බැංකුවල බොහෝ දූෂණ අක්‍රමිකතා ඇති බවත් ඒවා වැළැක්වීම සදහා තමන්ට ක්‍රමවේදයක් ඇති බවත් ප්‍රකාශ කර ඇති කිරිඇල්ල අමාත්‍යවරයා රාජ්‍ය බැංකු විෂය තමන්ට නොලැබෙන්නේ නම් රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය ධුරය ද තමන්ට අනවශ්‍ය බවත් දැඩිලෙස ප්‍රකාශ කර ඇත.

කිරිඇල්ල ඇමතිවරයා කලින් අමාත්‍යධුරය දැරූ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ උපදේශකයන් ලෙස තම හිතවතුන් අත්තනෝමතික ලෙස බදවාගත් බවට සහ එහි සිදුවූ දුෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් අමාත්‍යවරයාට සහ ඔහුගේ දියණියට චෝදනා එල්ලවිණි.

ඊයේ සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී අජිත් පී පෙරේරා ඇමතිවරයා යටතේ තිබූ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ඔහුගෙන් ඉවත් කර තිබුණු අතර, ඒ  පිළිබදව කළකිරීමට සහ දැඩි ලෙස කෝපයට පත් ඇමතිවරයා තමන් සියලු තනතුරු අත්හරින බවට අගමැතිවරයාට අනතුරු ඇගවීමෙන් පසු එම අමාත්‍යාංශය යළි ලබා දීමට එකගවී ඇතැයි වාර්තා පලවිය.

Related posts

“දූෂකයන්ගේ පුරුෂ ශක්තිය සිදින” වාසුගේ යෝජනාව ඉන්දීය අධිකරණයකින් ස්ථීර කරයි

colombotoday

ලක්ෂ 10ක ගබ්සා පෙති තොගයක් අත්අඩංගුවට !

colombotoday

එදා ලොව අංක එද දිනූ ‘කොළඹ කොටස් වෙළදපල‘ කළාපයේ පහලටම ඇද වැටේ !!

colombotoday

මිල්කෝ කර්මාන්ත ශාලාවේ මහා පරිමාණ ඩීසල් වංචාවක්… සේවකයින් අනිවාර්ය නිවාඩු යවයි

colombotoday

දෙමළ අනන්‍යතාව වෙනුවෙන් “සංහිදියා නාලිකාව“ විකාශන කටයුතු අරඹයි

colombotoday

මනුෂ ගෑනු දාලා ගියා. හරින්ගේ පොඩියි. ලන්සා ගණිකා නිවාස කළා. අද පාර්ලිමේන්තුව අශෝභන තත්වයක

colombotoday