Colombo Today Local News

විදුලිය කපා බන්ධනාගාරයට දැමූ නිසා අජිත්.පී පෙරේරා කිපෙයි.. මහ අඩව්වක් අල්ලයි.. අද තවත් ඇමති ධුරයක දිවුරයි

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය ඉවත්කර බන්ධනාගාර හා පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය වරයා ලෙස පත් කිරීම පිළිබදව අජිත් පී. පෙරේරා මහතා දැඩි ලෙස කළකිරීමට සහ කෝපයට පත්ව සිටින බව වාර්තා වේ.

ඊයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඔහු තරහින් සිටි බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාද කියා සිටි අතර මාධ්‍යවේදීන්ද පැවසුවේ ඔහු තරහින් පිටව ගිය බවයි.

කෙසේ වෙතත් විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශය නැවතත් තමන්ට ලබා දෙන්නැයි ඔහු එජාප නායකත්වයට දැඩි ලෙස බලපෑම් කර ඇති අතර, එය ලබා නුදුන්නොත් සියලු තනතුරු හැර දමා යන බවට අජිත් පී පෙරේරා මහතා අනතුරු අගවා ඇතැයි පැවසේ.

ඒ අනුව එජාප නායකත්වය විසින් ජනාධිපතිවරයාට කරන ලද දැඩි ඉල්ලීම මත අජිත් පී පෙරේරා මහතාට නැවත වරක් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ලබා දීමට එකග වී ඇති අතර, අද 26 දා ඔහු එම අමාත්‍යාංශයේ දිවුරුම් දීමට නියමිත බවද පැවසේ.

Related posts

බෙදුම්වාදී ව්‍යවස්ථාව මේ ආණ්ඩුවේ මිනී පෙට්ටියට ගහන අන්තිම ඇණයයි !

colombotoday

අක්කර 15ක කැලය කපා ගංජා වවලා

colombotoday

කැනඩාවෙහි රැකියා ලබා දෙනබවට මුදල් වංචා කළ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

colombotoday

ජපානයේ භුමිකම්පවලින් ශ්‍රී ලාංකිකයින් 200 කට අසන්න පිරිසකට බලපෑම්

colombotoday

ගම ගොඩනැගීමට බැංකු සේවා ගමට ගෙනියන්නැයි ජනපති කියයි

colombotoday

මහනුවර වැසුණු පාසල් සදුදා යළි ඇරේ..

colombotoday