Colombo Today Local News

එට්කා එන්නත් කලින් රාජිතලා බලෙන්ම දෙයි.. රෝහල්වල රෙදි සේදීමත් ඉන්දීය සමාගමකට !

රෝහල්වල රෝගීන්ගේ සහ ශල්‍යකර්ම සඳහා භාවිත කරන රෙදි පිරිසිදු කිරීම ඉන්දීය සමාගමකට පැවරීමට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

මේ අනුව ස්වයංක්‍රීය යන්ත්‍ර සූත්‍ර මගින් රෙදි හා ශල්‍ය උපකරණ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සඳහා වූ ගිවිසුම අද (22) කොළඹ දී අත්සන් කෙරෙනු ඇත.

මේ සඳහා ආයෝජනය කරන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 7.5 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. බස්නාහිර පළාත තුළ රෝහල්වල මුලින්ම ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ ඉදිරියේ දී දිවයිනේ අනෙකුත් රෝහල්වලද ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ඇමැතිවරයා අවධාරණය කරයි.

මේ අතර එට්කා ගිවිසුම පැමිණීමටත් පෙර සෞඛ්‍ය අමාත්‍යංශය රෝහල්වල රෙදි සෝදන කටයුත්ත ඉන්දියාවට පවරා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

මෙතෙක් කලක් රෝහල්වල රෝගීන්ගේ සහ ශල්‍යකර්ම සඳහා භාවිත කරන රෙදි පිරිසිදු කිරීමේ කටයුතු සිදුකළේ ශ්‍රී ලාංකිකයන් විසින් බවත් එහෙත් කිසිදු සොයා බැලීමකින් තොරව රෙදි සේදීමේ කටයුත්ත ඉන්දියානු සමාගමකට පවරා ඇති බවත් එම සංගමය පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමග ඇති කරගැනීමට යන එට්කා නොහොත් වෙළඳ ගිවිසුම පැමිණීමටත් පෙර මේ ආකාරයේ සිදුවීම් වන්නේ නම් ගිවිසුම අත්සන් කළ පසු ශ්‍රී ලාංකීය රැකියා වෙළඳපොළ මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍ර ගණනාවක්ම බරපතළ අනතුරකට ලක්වන බව ද එම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා.

Related posts

අප්‍රිකාවේ මාරාන්තික වෛරසය සංචාරකයන්ගෙන් රටට ඇතුළුවීම වළකන්න බෑලු

colombotoday

“වැරදි කතා එපා.. ෂැඩෝ කැබිනට්ටුව හැදුවේ මාස හයක් මහන්සි වෙලයි” – ෂැඩෝ ඇමති ඩලස්

colombotoday

තැපැල් මගින් ඖෂධ ලබාදීම යළිත් අරඹයි

colombotoday

මෙරට නෝර්වේ තානාපති කාර්යාලය අද සිට වැසේ..

Admin

බුර්කා තහනමට ඇමති අත්සන් තබයි

colombotoday

“ඉන්ධන අර්බුදයට තනිව මුහුණ දෙන්න CEYPETCO එකට බෑ”

colombotoday