ArticlesColombo Today Local News

ලංකා සෙරමික්, මාතලේ පතලේ අකාලයේ මිය යන සේවකයන් ගැන එහි හිමිකරු ධම්මික පෙරේරාට කළමනාකාරවරයෙකු තැබූ පණිවිඩය

මෙරට ලොකුම ධනවතා යැයි හැදින්වෙන ධම්මික පෙරේරා මහතා පහුගිය දිනවල මෙරටට ගෙන්වූ ලොව සුපිරිම මෝටර් රථය පිළිබදව සමාජ ජාලාවල කතා බහට ලක්වේදී, ඔහුට අයත් ලංකා සෙරමික් සමාගමේ, මාතලේ ෆෙල්පා පතලේ සේවය කරන කම්කරුවන් විදිනා දුක්ගැහැට පිළිබදව එහි කළමනාකරවරයෙකු සිය ෆේස්බුක් ගිණුමේ පලකර තිබිණි. එමගින් ඔහු ඉල්ලා තිබෙන්නේ මේ පිළිබදව කවුරුන් හෝ ධම්මික පෙරේරා මහතාගේ අවධානයට යොමු කරන ලෙසයි. 

“ධම්මික පෙරේරා මහත්තයා ලංකාවේ මිළ වැඩිම වාහනේ ගෙනල්ලලු. මම දැකපු පෝස්ට් එකක දැක්ක එතුමා හොස්පිටල් එකක වාට්ටු වගයක් හදන්න සල්ලි දීපු කතාවකුයි ඒ මනුස්සයෝ ඒවගේ දේවල් ප්‍රසිද්ධියේ කරන්නේ නෑ කියන කතාවකුයි. මේ කතාව ධම්මික පෙරේරා මහත්මයාගේ ලංකා සෙරමික් ආයතනයේ මාතලේ ඕවල කයිකාවල ෆෙල්ස්පා පතලේ සේවකයෝ ගැන.

මේ පෝස්ට් එක දැකල ලයික් වත් කොමෙන්ටවත් දාන්න නෙමේ එතුමාට මේක පෙන්නන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒක කරන්න කියන ඉල්ලීමෙන් පටන් ගන්නේ. මොකද මේ දේවල් එතුමා දන්නවා වෙන්න බැහැ. ඒ තරම් ලොකු ව්‍යාපාරිකයෙක්ට සේරම ව්‍යාපාර සහ ඒවගේ සේවකයන් ගැන සොයන්න බැරි නිසා.

2017 අගෝස්තු 1 වෙනිදා ඉදන් තමා මම මාතලේ ඕවල ෆෙල්ස්පා පතලේ සහකාර නිෂ්පාදන කළමනාකරු විදියට පත්වුණේ. 2015 අගෝස්තු 03 ඉදන් අවුරුදු 2ක් කළුතර බෝල මැටි කම්හලේ විධායකවරයා විධියට වැඩ කරලා.

මාතලේ ෆෙල්ස්පා පතල කියන්නේ පෝසිලෙන් නිෂ්පාදනයට අත්‍යවශ්‍ය ඛනිජයක් සපයන ලංකාවේ ලොකුම පතලක්, අවුරුදු 40කට වඩා පරණයි.ඔය පතලේ වැඩ කරනව සේවකයෝ 27-30 ත් අතර ප්‍රමාණයක්. ඒ මිනිස්සු උදේ 6 ඉදන් හවස 5-5.30 වෙනකම් ගිනිගහන අව්වේ බෝර විදිනවා, වෙඩි දානවා, කුළුගෙඩි වලින් ගල් කඩනවා. අවුරුදු 30+ සේවක කාලයක් තියෙන සේවකයෝ 20කට වඩා ඉන්නවා.දවසට තුන් වතාවක් බෝර විදිනවා.

ලේන්සු වලින් මුණු වහගෙන. හරි හමන් ආරක්‍ෂිත උපාංග නැති නිසා. මේ මිනිස්සුන්ගේ මුලික වැටුප රු.13500/=. ඕටී, අනම් මනම් සේරම එක්ක පඩිය 17000ක් 18000ක් වගේ වෙන්නේ. ඒ මිනිස්සුන්ටත් ඉන්නේ ඔය කම්හල් කළමනාකරුවන්ට, විධායක නිලධාරීන්ට වගේම අහිංසක ළමයි තමා. ඒ ළමයි බඩ පිරෙන්න බත්කටක් කනවට හොඳ ඇදුමක් ඇඳගෙන පාසල් යනවා දකින්න ඒ අහිංසක මිනිස්සුත් ආසයි. ඒ පතලේ වැඩ කරන අසරණ අහිංසක මිනිස්සු බහුතරයකට ගල් කුඩු නිසා පෙනහැලි රෝග. අවුරුදු 55න් විශ්‍රාම යන සේවකයන් අවුරුදු 2ක් 3ක් ජීවත් වෙලා ලෙඩ වෙනවා හෝ මිය යනවා.

මේ මිනිස්සුන්ට සේෆ්ටි කියල කිසිම දෙයක් නැහැ. සාමාන්‍යධිකාරී, වගේම කලමනාකරවරුන්ට මේකේ කිසිම ගානක් නැහැ.මිනිස්සු මැරිලා හරි නිෂ්පාදනය එනවනම් එච්චරයි. හරි හමන් රක්ෂණ ආවරණයක්වත් මේ මිනිස්සුන්ට නැහැ. මම ගිහින් මේ ගැන කියල එවකට හිටි විධායක නිලධාරිවරයාට ලිපියක් මගින් දැනුම් දීල ආරක්ෂක උපකරණ ගැන විමසපුවම කිව්වේ අවුරුද්දට වෙන් කල සල්ලි ඉවරයි කියල.

යන්ත්‍ර සුත්‍ර වලට තෙල ගහන්න වෙන්කළ සල්ලි ඉවරයි කියල නිෂ්පාදනය නොනවත්වන මේ වගේ ආයතනයක ඒ කතාව විහිළුවක්, එහෙම නැත්නම් ඒ ලොක්කන්ට යන්ත්‍ර සුත්‍ර තරමට මිනිස්සු වටින්නේ නැහැ. ඒ දෙකෙන් කොයික වෙතත් අන්තිමේ මම කෑගහපු නිසාම ඒ මිනිස්සුන්ට බූට් සහ ග්ලවුස් එව්වා. නමුත් මාස්ක් අනම් මනම් කිසි දෙයක් නැහැ.

ඒ සේවකයන් ඉල්ලීම් වගයක් ඉල්ලලා දීපු ලියුමක පින්තුරත් මම දැන් දානවා. මම ඉල්ලන්නේ මෙච්චරයි. ධම්මික පෙරේරා මහත්මය මේ අසරණ මිනිස්සු ගැන දැනගන්නකම් මේක ශෙයා කරන්න, ඒ මිනිස්සුන්ට ඉතුරු ජිවිත කාලේ හරි සතුටින් ඉන්න ලැබුනොත් ඒක අපිටත් ලොකු පිනක්.“

Related posts

ඌව මහ ඇමතිගේ අත්තනෝමතික ක්‍රියාවන්ට එරෙහිව වෛද්‍යවරු වැඩ වර්ජනයක – රෝහලේ නිළ නිවාසයකට පහරදීලා

colombotoday

රනිල් විරෝධය මැයි රැලියෙන් එළියට.. එජාප ඇමතිලා 17ක් මැයි රැලිය වර්ජනය කරයි !

colombotoday

කොල්ලුපිටිය නව වෙළඳ සංකීර්ණය කඩිනම් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නඩුව සිංගප්පූරු අධිකරණයට!

Admin

සතොස භාණ්ඩ 10ක මිල පහළට

Admin

විල්පත්තුව ඉල්ලා බදුර්දීන්ගේ කට්ටිය අඛන්ඩව උපවාසයේ… විසදුම් දෙන්න ජනපතිගෙන් කමිටුවක් !

colombotoday