Colombo Today Local News

මංගලගේ බියර් සහනයේ ප්‍රතිඵල නිකුත් වේ.. මෙරට බියර් භාවිතය 12%කින් ඉහළට..

පසුගිය අයවැයෙන් රජය බියර් සඳහා පනවා තිබූ බදු අඩු කිරීමත් සමග මෙරට බියර් භාවිතය 12%කින් ඉහළ ගොස් තිබේ.

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සඳහන් කළේ, පසුගිය මාස කිහිපයේ සුරාබදු දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මේ බව අනාවරණය වී ඇති බව ය.

මෙරට සමස්ත මධ්‍යසාර භාවිතයෙන් බියර් භාවිතයට හිමිව තිබූ ප්‍රතිශතය 18%කි. පවතින තත්ත්වය මත එය තවදුරටත් වර්ධනය වනු ඇති බව ද දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සඳහන් කරයි.

මෙම තත්ත්වය පිළිබඳව ලබන සඳුදා රැස්වන අධිකාරියේ කමිටු රැස්වීමේදී අවධානය යොමු කිරීමට නියමිත අතර, බියර් භාවිතය වැඩිවීම පිළිබඳව වාර්තාවක් ජනාධිපතිවරයාට හා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලබා දීමට නියමිත ය.

Related posts

“ගෑස් සිලින්ඩරේ සියදිවි හානි කර ගන්න සල්ලි දීලා අරන් ගිය බෝම්බයක් වෙලා”

colombotoday

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 75%කගේ රැකියා අහිමිවීමේ අවදානමක්

colombotoday

ශ්‍රී ලනිපය 70 වැනි සංවත්සරයට සමගාමීව මහා පරිත්‍යාගයකට සැරසේ

colombotoday

ලක්ෂ 30ක මුද්‍රිත පෝරම බොතල් පත්තර කඩේට විසිදාහකට විකුණලා

Admin

ඉන්දියාව සමග ගිවිසුම් 06 කට අත්සන් තබයි

colombotoday

වී කරල් කළු පැහැවීම ගැන සෙවීමට කෘෂි නිලධාරීන් කණ්ඩායමක් අද මඩකලපුවට

Admin