Colombo Today Local News

ආර්ථිකය මෙහෙයවීම ජනපති අතට ගනී.. නව ආර්ථික වැඩපිළිවෙල ලබන සතියේ එළිදකී

රටට අවශ්‍ය කඩිනම් ආර්ථික කළමනාකරණ වෙනස්කම් සහිත නව වැඩපිළිවෙල ජාතික ආර්ථික සභාව හරහා ලබන සතියේදී රටට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

ජාතික ආර්ථික සභාව අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළැඹ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් එම අවස්ථාවට එක්ව ඇත.

ආර්ථික කළමනාකරණයේදී රටට අවශ්‍ය කඩිනම් වෙනස්කම් සහ එහිදී ගතයුතු තීන්දු තීරණ මෙන්ම ක්‍රියාත්මක කළයුතු කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන වැඩසටහන් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ බව එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සඳහා ජනපති විසින් පසුගිය වසරේදී ජාතික ආර්ථික සභාව පත්කරන ලද අතර එය මෙවර රැස්වූයේ 08 වන වරටය.

ජාතික තිරසර කතිකාවේ, පළමු කෙටුම්පත ජනාධිපතිට :

මේ අතර 2030 වසර වනවිට ශ්‍රී ලංකාව ආර්ථික, සමාජයීය හා පරිසර යන ක්ෂේත්‍රයන් ඔස්සේ සපුරාගතයුතුව ඇති තිරසර සංවර්ධන ඉලක්ක සහිත ජාතික තිරසර කතිකාවේ, පළමු කෙටුම්පත ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

ජනපති විසින් පසුගිය වසරේදී පත්කරන ලද 2030 තිරසර දැක්ම සැකසීමේ ජනාධිපති විශේෂඥ කමිටුව විසින් සකසන ලද මෙම කෙටුම්පත මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා විසින් ජනාධිපති වෙත පිළිගැන්වූ අතර, මහාචාර්ය සිරි හෙට්ටිගේ, මහාචාර්ය හේමන්ති රණසිංහ, ආචාර්ය ඩබ්ලිව්.එල් සුමතිපාල යන මහත්වරුන් ඇතුථ විද්වත් පිරිසක් ඊට එක්ව සිටියේය.

ආර්ථික, සමාජයීය හා පරිසර යන ක්ෂේත්‍රයන්ට අදාළ කෘෂිකර්ම, ප්‍රවාහන, බලශක්ති, සෞඛ්‍ය, අධ්‍යාපන, ජලය, සාගර හා මත්ස්‍ය, නාගරික හා භෞතික සැලසුම් යන ඉලක්ක ඔස්සේ 2030 වසර වන විට ශ්‍රී ලංකාව සපුරාගත යුතු ඉලක්ක පිළිබඳව මෙහි සවිස්තරාත්මක කරුණු ඇතුළත් කර තිබෙන අතර ඒ පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

මෙවැනි ජාතික තිරසර කතිකාවක් රටට ඉදිරිපත් කෙරෙන පළමු අවස්ථාව මෙය වන අතර මෙම කෙටුම්පත ඉදිරියේදී ජනගත කර ඒ පිළිබඳ සංවාදයක් රට තුළ ඇති කිරීමට නියමිත වන අතර එය ජාතික තිරසර කතිකාව නමින් එළැඹෙන මාර්තු මාසයේදී එළිදැක්වීමට නියමිත බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

අවම ඡන්ද ලක්ෂ 65ක් ලබාගැනීම අපේ ඉලක්කයයි !

colombotoday

ආචාර්ය සමන් වීරසිංහ කැලණිය රජමහා විහාරයට රන් කුඩයක්” පුජා කරයි.

colombotoday

ලංවිම බෑ කිවුවට විදුලි බිල අඩු කරන්න පුලුවන්

Admin

ඉන්දියාවේන් එන අයට කටුනායක දොරත් වැසෙයි

colombotoday

කුඹුරුයායක අභිරහස් ලෙස මිය ගිය කතකගේ සිරුරක්

Admin

මැතිවරණ කොමිසමට අලුත් මුහුණක්

Admin