ශ්‍රී දළදා මාළිගය ඉදිරිපිට මාර්ගය විවෘත කිරීම තමන්වහන්සේ කිසි සේත්ම ඉඩ ලබා නොදෙන බව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහානාහිමියන් ඊයේ නිළ වශයෙන් ප්‍රකාශ කළා. මල්වතු පාර්ශවයේ අදහසත් එයම වන බවයි මහානාහිමියන් සදහන් කළේ.
ලෝක උරුමයක් වූ ශ්‍රී දළදා මාළිගාවේ වටිනාකම ආරක්ෂා විය යුතු බැවින් අදාල මාර්ගය විවෘත කිරීමට එකග නොවන බවත් ඒ වෙනුවට වෙනත් විකල්පයක් යොදා ගැනීමට රජය කටයුතු කළ යුතු බවත් මහා නාහිමියෝ දන්වා සිටියහ.
ශ්‍රී දළදා මාළිගය ඉදිරිපිට පාර රථවාහන ගමනාගමනය සදහා විවෘත කරන ලෙස ඉල්ලමින් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් පසුගියදා විරෝධතාවක නියැලුණු අතර ඊට තවත් පිරිසක් විරෝධය දැක්වීම නිසා ගැටුම්කාරී තත්වයක්ද ඇතිවුණා.