ඇතිවී තිබෙන දේශාපලන අස්ථාවරභාවය පිළිබදව ඊයේ 19 පැවති පාර්ලිමේන්තු විවාදය අතරතුරදී අගමැති රනිල් වික්රමසිංහ මහතා සිදුකළා යැයි කියන අමුතු වැඩක් ගැන මේ වන විට කතා බහ ඇතිවී තිබේ.
රනිල් වික්රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු සේවකයෙකු හරහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ. සුමන්තිරන්ට සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ට චිට් පත් තුනක් යවා තිබෙනවා.
එයින් සුළු මොහොතකට පසු එම තිදෙනා සභා ගැබෙන් නැගිට ගොස් තිබෙන අතර, අදාළ චිට් පත් යැව්වේ කුමණ අරමුණකින්ද, එම තිදෙනා සභා ගැබෙන් නැගිට ගියේ මන්ද යන්න මෙතෙක් වාර්තා වී නැත.