Colombo Today Local News

මම ආර්ථික අර්බුදය ස්වේච්ඡා පදනමින් ලිහා දෙන්නම් – බන්දුල ගුණවර්ධන

අස්ථාවර දේශපාලන තත්ත්වය නිසා ආර්ථිකයේ ඇති වී තිබෙන අර්බුදය ලිහා ගැනීමට වගකීමක් භාර නොගත්තද ස්වේච්ඡා පදනමින් සහාය දීමට තමන් සූදානම් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විපක්‍ෂයේ කණ්ඩායම් හමු වූ අවස්ථාවේ මුදල් ඇමැතිකම භාර ගන්නා ලෙස යෝජනා කළ බවත්, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පෞද්ගලිකව එම යෝජනාව ඉදිරිපත් කළ බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.
නමුත් ඒකාබද්ධ විපක්‍ෂය වගකීම් භාර නොගැනීමට තීරණය කර ඇති බැවින් අමාත්‍ය ධුරයක් භාර ගැනීම ප්‍රතික්‍ෂේප කරන අතර ආර්ථික අර්බුදයෙන් රට බේරා ගැනීමට සිය බුද්ධිමය දායකත්වය ලබා දීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.

පුංචි බොරැල්ල, වජිරාශ්‍රමයේ ඊයේ (18දා) පැවති ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

Related posts

රනිල් වික්‍රමසිංහ පැරදිලා ලෝක වාර්තා තැබූ පුද්ගලයෙක් : Video

colombotoday

“මාධ්‍යට හොද පාඩමක් උගන්වනවා.. 10 වෙනිදාට බලාගමු” – ඇමති කිරිඇල්ල

colombotoday

මෙරට දුෂිතම ගඟ කැළණි ගඟ බවට අනාවරණයක්

colombotoday

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයන් සැප්තැම්බර් මාසයේදී

colombotoday

බස් මගීන්ගේ ගැටලු ඉදිරිපත් කරන්න BAD BUS

colombotoday

වැඩි මිලට සිමෙන්ති විකුණු ව්‍යාපාරිකයෙකුට වැඩ වරදියි

colombotoday