එජාප-ශ්‍රීලනිප ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් වූ බවට වන දැන්වීමක් තමන්ට තවමත් නොලැබුණු බව කතානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
අද දිනයේ මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්ව ඇතැදැයි යන්න පිළිබදව දිනේෂ් ගුණවර්ධන මහතා විමසා සිටි අවස්ථාවේදී කතා නායකවරයා මේ බව කියාසිටියේය.