Colombo Today Local News

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණයක් නෑ.. තීරණාත්මක සාකච්ඡාවක් අද දහවල්…

ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය අද(19) ගැනීමට නියමිත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ආණ්‌ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් අතර අද (19 වැනිදා) දහවල් 12.00 ට ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ඡාවේදී මෙම තීරණය ගැනෙනු ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

වත්මන් දේශපාලන තත්ත්වය සහ අද දිනයේදී පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වන ආකාරය පිළිබදව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ඊයේ (18) පස්වරුවේ ද ජනාධිපතිවරයා හමුවූ අතර එම සාකච්ඡාවට සහභාගී වී සිටි සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, ලක්ෂ්මන්යාපා අබේවර්ධන, ලසන්ත අලගියවන්න හා තිලංග සුමතිපාල යන මහත්වරුන් විසින් ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට යෝජනා කර ඇති අතර ජනාධිපතිවරයා ඊට එකඟත්වය පළකර නොමැත.

”මේ ඔයාල කිපදෙනාගේ අදහස්නේ. එහෙම තීරණ ගන්න බැහැ . අපි ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම රැස්කරලා තීරණයක් ගමු.” යයි ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

මේ අතර යහපාලන ආණ්ඩුව දිගටම පවත්වාගෙන යා යුතුයැයි ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක ඇමතිවරයා මෙන්ම්, විජිතමුණි සොයිසා. එස්.බී දිසානායක ඇතුළු මැතිවරණය පැරදී ජාතික ලයිස්තුවෙන් පැමිණ ඇමතිකම් දැරූ ඇමතිවරු දැඩි ස්ථාවරයක සිටින බවද වාර්තා වේ.

Related posts

“රට ඉදිරියට ගෙන යන වැඩසටහන ජනපති පැමිණි පසු අරඹනවා“ අගමැති මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ට කියයි

colombotoday

නව අගවිනිසුරු ජයන්ත ජයසූරිය…

colombotoday

විදේශ සංචිත බිංදුවට වැටේ.. ආර්ථික අර්බුදය බරපතලයි – මහබැංකු වාර්තා හෙළි කරයි

colombotoday

ඉදිරි මාස කිහිපයේදී සයිනොෆාම්-ෆයිසර් එන්නත් තොගයක් ලංකාවට

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් 1896ක් දක්වා ඉහළට

colombotoday

ආනයනික පළමු සහල් තොගය හෙට මෙරටට. – සියට අඩුවෙන් දෙනවා. ඇමති බන්දුල කියයි.

colombotoday