Colombo Today Local News

පාර්ලිමේන්තුව අද රැස්වෙයි.. එජාපය බහුතරය පෙන්වන්න සූදානම්…

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ පවතින බහුතරය අද (19) පාර්ලිමේන්තුව රැස්වූ පසුව රටට හොඳින්ම දැක බලා ගන්නට හැකිවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරු සහ මන්ත‍්‍රීවරු සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (18) ප‍්‍රකාශ කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම රැස්වීමට එජාපය නියෝජනය කරන සියලූ‍ම මැති ඇමැතිවරුන් සහ මන්ත‍්‍රීවරුන්ද එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ද සහභාගි වූහ.

ආණ්ඩු හදන්න පුළුවන් කවුරුන් හෝ ඉන්නවානම් ආණ්ඩු හදා පෙන්වන්නැයි, තමන් අභියෝග කරන බවත්, එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දිගටම අග‍්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන අතර වෙන කාට හෝ අගමැති වීමට ආසාවක් තිබේනම් ඔහු පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වියයුතු බවත්, එජාප ලේකම් කබීර් හෂීම් මහතා මෙහිදි ප‍්‍රකාශ කර ඇත. එක්සත් ජාතික පක්ෂයේ කිසිම මතභේදයක් නොමැති අතර එකාවන්ව එක මතයක සිටිමින් බහුතරය ආරක්ෂා කරගෙන ඉදිරියට යන අතර නීත්‍යානුකූලව සහ ජන වරම අනුව ඉදිරියේදී කටයුතු කරන බව පක්‍ෂ මහලේකම්වරයා මෙහිදී පවසා තිබේ.

Related posts

බන්ධනාගාරෙන් පනින්න ගිය රැඳවියෙකු වෙඩි පහරින් මරුට

Admin

වෙලේ සුදාට තොන්ඩුව- දිනය සහ වෙලාව ජනපති නියමයෙන්

colombotoday

පෞද්ගලික අංශයට අලුත් නීති – පැය 08, 12ක් කරයි

colombotoday

මතට ලොල් පුතා මව ඉදිරියේ තාත්තා මරා ගිනි තියලා

colombotoday

කපිල චන්ද්‍රසේන හා බිරිඳ අත්අඩංගුවට

colombotoday

අවසන් නිල ප්‍රතිඵලය තවම නෑ.. මැකො ජනතාවගෙන් සමාව අයදී

colombotoday