Colombo Today Local News

සභාපති තනතුර ඉල්ලා නගරය මැද උපවාසයේ

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත්වූ සභිකයෙකු ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය ඉල්ලා අද (16) නවමැදගම නගරය මැද අට්ටාලයක සිට උපවාසයක් ආරම්භ කළේය.

අජිත් රෝහණ සිල්වා නම්වූ මෙම මන්ත්‍රීවරයා පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් නව මැදගම කුඩාගම කොට්ටාසය ජයග්‍රහණය කර ඇත.

“මීට ඉහත අවස්ථා තුනකදී මම ප්‍රාදේශීය සභාවට තේරී පත්වුණා.මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඡන්ද 1100ක් අරගෙන ජයග්‍රහණය කළා. දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට සුදුසු මමයි.මම විද්‍යාවේදී රාජ්‍ය පරිපාලන විද්‍යා විශේෂ උපාධිධාරියෙක්.එසේ තිබියදී දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ලේකම්වරයෙක් මැදිහත්වී නවක මන්ත්‍රීවරයෙකුට දෙහිඅත්තකණ්ඩිය ප්‍ර‍ෙදේශීය සභාවේ සභාපති ධූරය දෙන්න කුමන්ත්‍රණයක් දියත් කර තිබෙනවා.ඊට මම දැඩි විරෝධය දක්වනවා.“යැයි හෙතෙම පැවසීය.

Related posts

මුස්ලිම් මන්ත්‍රීවරුන් 08 දෙනෙකුගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනපති ලේකම් කාර්යාලයට.

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 20ක ජල කප්පාදුවක්

Admin

ළමා නිවාසයක සිටි දැරියන් පස්දෙනෙකු පලා ගිහින්

Admin

බිරදගේ අනියම් පෙම්වතා බොරලැස්ගමුවේදී ඝාතනය කරයි

Admin

ETCA ඉක්මන් කරන්න ඉන්දීය විදේශ ලේකම් එයි.. මෙරට ව්‍යාපාරික අවස්ථා ගැනත් සොයයි !

colombotoday

බුදුන් වහන්සේගේ සැබෑ පාත්‍රය ඇත්තේ ඇෆ්ගනිස්ථානයේද? ලංකාවේද?

colombotoday