World

ඇමතිවරුන්ට “කාර්ය මණ්ඩලය සමග ලිංගික පහස තහනම්”

සිය කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන්ට ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ සේවකයන් සමග ලිංගික පහස ලැබීම තහනම් කරන බව ඕස්ට්‍රේලියාවේ අගමැති මැල්කම් ටර්න්බුල් පවසයි.

අගමැතිවරයා ඒ බව නිවේදනය කළේ, ඔහුගේ නියෝජ්‍ය අගමැතිවරයා සිය කාර්ය මණ්ඩලයේ හිටපු සාමාජිකාවක සමග ලිංගික සබඳතාවක් පැවැත්වූ බව අනාවරණය වීමෙන් අනතුරුවය.

මාධ්‍ය හමුවක් අමතා අදහස් දැක්වූ අගමැති මැල්කම් ටර්න්බුල් (Malcolm Turnbull), නියෝජ්‍ය අගමැති බානබි ජොයිස්ගේ (Barnaby Joyce) හැසිරීම හෙලා දුටුවේය.

උප අගමැතිවරයා අමාත්‍යවරුන් සම්බන්ධ ආචාර ධර්ම උල්ලංඝනය කළේ දැයි විමර්ශනය කෙරෙන තුරු ඔහු තාවකාලිකව නිවාඩු ලබාගෙන තිබේ.

නියෝජ්‍ය අගමැති බානබි ජොයිස් ඕස්ට්‍රේලියාවේ පවතින නීතිය උල්ලංඝනය කර නැති බව නියෝජ්‍ය අගමැතිවරයා මෙන්ම අගමැතිවරයා ද අවධාරණය කරති.

එහෙත් අගමැතිවරයා පවසන්නේ මින් අනතුරුව අමාත්‍යවරුන්ට දැනට වඩා දැඩි ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දෙන දෙන බවය.

“ඇමතිවරු ඒ ආචාර ධර්ම පද්ධතියට අනුකූලව හැසිරිය යුතුයි. ඔවුන් තමන්ගේ කාර්ය මණ්ඩලය සමග ලිංගිකව නොහැසිරිය යුතුයි,” අගමැති මැල්කම් ටර්න්බුල් මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

ඊට පෙරාතුව පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අගමැතිවරයා, තමන් ලබන සතියේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරතවන විට නියෝජ්‍ය අගමැති බානබි ජොයිස් වැඩ බලන අගමැති පදවියට පත් නොකරන බව සඳහන් කළේය.

නියෝජ්‍ය අගමැතිවරයා සහ ඔහුගේ හිටපු මාධ්‍ය උපදේශිකාව විකී චැම්පියන් අතර සම්බන්ධතාව හෙලිදරවුවීමෙන් අනතුරුව ඒ පිළිබඳව ඕස්ට්‍රේලියානු දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබල සංවාදයක් මතු කර තිබේ.

Related posts

ලොව ජ්‍යේෂ්ඨම කාදිනල් ජෝර්ජ් පෙල් ළමා අපචාර චෝදනාවට අභියාචනයේදීත් වැරදිකරු වේ.

colombotoday

ඉලක්කය ෂියා මුස්ලිම්වරුන්.. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල වගකීම ISIS බාර ගනියි.

colombotoday

බලයෙන් ඉවත් කළ අවුන්සාන් සුකී ට එරෙහිව බරපතළ අල්ලස් චෝදනාක්

colombotoday

හමාස් සංවිධානයෙන් නිදහස ලැබූ ප්‍රාණඇපකරු මාධ්‍ය හමුවට එක්වෙයි

Admin

“ට්‍රම්ප්ට අකමැතිනම් ඇමරිකාවෙන් පලයල්ලා !“ අධිකරණ විනිසුරුවරයෙක් සංක්‍රමණිකයන්ට කියයි

colombotoday

කොවිඩ් වෛරසයේ මුලාරම්භය සෙවීමේ දෙවන අදියර චීනය ප්‍රතික්ෂේප කරයි

colombotoday