Colombo Today Local News

දුමින්ද පිම්මකට සැරසෙයි.. ශ්‍රීලනිපයෙන් යන බව ජනපතිට දන්වයි !!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ඒකාබද්ධ විපක්ෂය එක්ව පිහිටුවීමට නියමිත නව ආණ්ඩුව සදහා දැඩි විරෝධි ස්ථාවරයක සිටින බව පැවසේ.

සන්ධාන-ඒකාබද්ධ ආණ්ඩුව පිහිටුවීම සදහා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට පසුගිය දින කිහිපයේ අත්සන් ගත් දිවුරුම් ප්‍රකාශයට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති ඔහු ප්‍රකාශ කර තිබුණේ “රෙද්දක් ඇදගෙන“ කිසිසේත්ම තමන්ට මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරල පිළක් සමග එකට සිටගත නොහැකි බවයි.

යම් හෙයකින් සන්ධානය – ඒකාබද්ධ විපක්ෂය එක්ව නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළොත් තමන් ශ්‍රීලනිපයෙන් ඉවත්වන බව දුමින්ද දිසානායක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දන්වා ඇතැයිද වාර්තා පලවේ.

Related posts

මෙවර මහ මැතිවරණයේ වියදම කෝටි 1000යි

colombotoday

ලක්ෂ 18කට අධික අයිස් තොගයක් සමග දෙදෙනෙක් දැලේ..

colombotoday

බත් පාර්සලයේ මිල හෙට සිට ඉහළට

colombotoday

මුහුදේ ගිලී ළමුන් දෙදෙනෙක් අතුරුදන්

colombotoday

තවත් පාසලක විශාල පැති බැම්මක් කඩාවැටෙයි – දෙදිනක් පාසල වසාදමයි

Admin

බෞද්ධ විහාරස්ථාන ඉවත් කරන්න ඉල්ලා TNA මඩකලපුව ගිනි තබන්න යයි !

colombotoday