Colombo Today Local News

චමල් රාජපක්ෂගේ නිවසත් වටලයි

විරෝධතාවයේ නිරත ජනතාව විසින් තිස්සමහාරාම පිහිටි චමල් රාජපක්ෂගේ නිවස ද අද (04) දහවල් වටලා තිබේ.

විරෝධතාවයේ නිරත පිරිස් තිස්සමහාරාම දෙබරවැව මංසන්ධියේ සිට විරෝධතා පා ගමනින් පැමිණ ඇති බව යි වාර්තා වන්නේ.

විරෝධතාවයේ නිරත පිරිස් චමල් රාජපක්ෂගේ තිස්සමහාරාමයේ පිහිටි නිවස දෙසට පැමිණීමත් සමඟ එහි දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදවිමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

ඒ අනුව චමල් රාජපක්ෂගේ නිවසට ඇතුළු වන මාර්ගය හරස් කර කිසිවෙකුටත් ඇතුළු විමට නො හැකි වන පරිදි පොලිස් මාර්ග බාධක යොදා තිබුණා.

විශාල ජනතාවක් වැස්සේ තෙමි තෙමී නිවස ඉදිරිපිටට වී විරෝධතාවයේ නිරත වු අතර, විරෝධතාකරුවන් පැවසුවේ, අපේ ගමන පොලිස් බැරියර් දමා වැළැක්විය නොහැකි බවත් හැමදාමත් රාජපක්ෂවරු ඇතුළු මේ රට කාබාසනියා කළ දේශපාලුවන්ට සැඟ වී සිටිය නො හැකි බවත් ය.

චමල් රාජපක්ෂගේ නිවස හා ඒ අවට මේ වන විටත් දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව වාර්තා වේ.

Related posts

දේශපාලන වාසිය වෙනුවෙන් තොණ්ඩමන්ගේ මරණය විකුණන් කෑවා

colombotoday

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් නිදහස්

Admin

ජනපති සහ ඉන්දීය විදේශ ලේකම් අතර හමුවක්

Admin

බන්ධනාගාර කමිටු සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අතර හමුවක්

Admin

වැලිකඩ වෙඩිතැබීමක්

Admin

මට බෑ දෙපත්නයි එක්ක ඉන්න – හරීන් ප්‍රනාන්දු යහපාලනය

colombotoday