Colombo Today Local News

“රණවිරු මාපිය රැකවරණ” දීමනා මුදලින් රුපියල් මිලියන 08 ක් අතුරුදහන්

අනෝමා ෆොන්සේකා මහත්මිය සභාපතිත්වය දරණ රණවිරු සේවා අධිකාරියෙන් ගෙවනු ලබන “රණවිරු මාපිය රැකවරණ” දීමනා මුදලින් රුපියල් මිලියන 08 ක පමණ මුදලක් අතුරුදහන්ව ඇති බව එහි අභ්‍යන්තර විගණනයකින් හෙළිව තිබේ.

එම මුදල් ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදී ඇතත් එම මුදල් හිමිවිය යුතු ආරක්ෂක අංශ සාමාජික යන්ගේ යැපෙන්නන්ට ඒවා ලැබී නැතැයි වාර්තා වේ.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් සේවයේ සිටියදී දිවිපිදු, අතුරුදහන් හා යුද්ධයෙන් තුවාල ලබා වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ලබා සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ දෙමාපියන් වෙනුවෙන් “රණවිරු මාපිය රැකවරණ” දීමනාව ලබාදෙනු ලබයි.

මේ සඳහා රුපියල් 750/- ක මුදලක් ලබාදෙන බවද වාර්තා වේ.

එමදීමනා ලබාදීමට රජයේ භාණ්ඩාගරයෙන් ලබාදී තිබූ රුපියල් මිලියන 03කට ආසන්න මුදලක් තැන්පත් කිරීමට නියමිතව තිබී ඇත්තේ දීමනා ලාභීන්ගේ මහජන බැංකුවේ ගිණුම්වලය.

සෙසු මුදල් තවත් බැංකු කිහිපයක දීමනා ලාභීන්ගේ ගිණුම්වල තැන්පත් කිරීමට නියමිතව තිබී ඇත

අදාළ ගිණුම්වලට මුදල් දැමීමේ කටයුතු සිදු කර ඇත්තේ ලෙෆ්ටිනන් කර්නල් ජානක සිල්වා මහතා විසිනි.

ඔහු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හමුදාපතිවරයාව සිටියදී ඔහුගේ මාධ්‍ය අංශයේ සේවය කළ අයෙකි.

ගිණුම්වලට මුදල් වැටී නැති බවට අභ්‍යන්තර විගණනයකින් හෙළිවී තිබියදී ජානක සිල්වා මහතාව තනතුරක් ලබාදී මාන්කුලම් හි තුන්නක්කායිවලට යවා ඇතැයි රණවිරු සේවා අධිකාරියේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අතර, අදාළ මුදල් තැන්පත් කිරීම නැවත පවරා ඇත්තේ ද හමුදාවේම අයකුට බවත්, දරණ රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී අනෝමා ෆොන්සේකා මහත්මියගේ මැදිහත්වීමෙන් පසුගිය මගඩි සොයාගැනීමට නොහැකිවන අයුරින් අදාළ මුදල් ගිණුම් ගත කිරීමේ ක්‍රමවේදයද මේවන විට වෙනස් කර ඇතැයි පැවසේ.

Related posts

“ආණ්ඩු කරන්න නෙවෙයි.. මහපාරේ ඇවිද ඇවිද ඉන්න සලස්වනවා“ ජනපතිගෙන් සැර ප්‍රකාශයක්

colombotoday

බෝක්කුවකට ඇඳ වැටුණු කුරුණෑගල පාසල් සිසුවා මිය යයි

colombotoday

පළාත් සභා මැතිවරණය පමාවීම ගැන මැකෝ රනිල්ට සහ කරූට ලියයි

colombotoday

30% ක් ගත් රනිල්ට අස් වෙන්න කියනවා නම් 15% ක් ගත් ජනාධිපති ඊට පෙර අස්විය යුතුයි. -එ.ජා.ප. ය කියයි

colombotoday

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සමුප ඡන්දෙන් පරාදයි.. ජා.ජ.බ. ආසන 6කින් ජය ගනී

Admin

ප්‍රබල ඇමති හිතවතුන් 6කට වී මෝල් හදන්න චීනයෙන් බිලියන 10ක් ණයට ගනී…

colombotoday