Colombo Today Local News

“පලාලි අධි ආරක්ෂිතයෙන් 62% දුන්නා.. ආය එක බිම් අඟලක්‌වත් දෙන්නේ නෑ“ – යාපනය යුද හමුදා ආඥාපති

mahesh-senanayaka

යාපනය ආරක්‍ෂක සේනා මූලස්‌ථානය සහ පලාලි ගුවන් තොටුපළ ඇතුළු යුද හමුදා ජනපදය සතුව දැනට පවතින ඉඩම් අක්‌කර 4419 න් කිසිදු ඉඩම් ප්‍රමාණයක්‌ ආපසු භාර නොදෙන බව යාපනය ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක පැවසීය.

2010 වසර තෙක්‌ පලාලි අධි ආරක්‍ෂිත කලාපය ලෙස පැවැති ඉඩම් අක්‌කර 11,629 න් මේ වන විට අක්‌කර 7210 ක්‌ එහි මුල් හිමිකරුවන්ට ආපසු භාරදී ඇති බවත් යුද හමුදා ජනපදය හා පලාලි ගුවන් තොටුපළ සඳහා ඉතිරි අක්‌කර 4419 තවදුරටත් රජය යටතේ තබාගන්නා බවත් හෙතෙම පැවසීය.

ඒ අනුව පලාලි අධි ආරක්‍ෂිත කලාපය පවත්වාගෙන ගිය ඉඩම් ප්‍රමාණයෙන් 62% ක්‌ ආපසු භාරදී අවසන් බවත්, ඉතිරි ප්‍රමාණය යුද හමුදා ජනපදයට හා පලාලි ගුවන් තොටුපළට ඉතිරි කරගෙන ඇති බවත් මේජර් ජෙනරාල් සේනානායක පැවසීය.

පලාලි අධි ආරක්‍ෂිත කලාපය දැන් හඳුන්වනුයේ පලාලි යුද හමුදා ජනපදය නමින් බව පැවසූ හෙතෙම ඊට ඇතුළත් ඉඩම්වලින් එක බිම් අඟලක්‌වත් එහි මුල් හිමිකරුවන් වෙත ආපසු භාරදීමේ හැකියාවක්‌ නැතැයි ද කීවේය.

එම ඉඩම් හිමිකරුවන්ට වෙනත් ප්‍රදේශවලින් විකල්ප ඉඩම් හෝ වන්දි මුදල් ලබාදීමට රජය පියවර ගෙන ඇතැයි ද ආඥපතිවරයා පැවසීය.

යාපනය අර්ධද්වීපයේ හමුදා කඳවුරු පවත්වාගෙන ගිය ඉඩම් අක්‌කර 27,259 න් අක්‌කර 21,134 ක්‌ මුල් හිමිකරුවන්ට නැවත භාර දී ඇති අතර එය 2010 වසරේ සිට අදියර 11 ක්‌ යටතේ වරින්වර සිදුකළ බව ද හෙතෙම පැවසීය.

යාපනයේ යුද හමුදා කඳවුරු ඉවත් කිරීම ගැන කරුණු පැහැදිලි කළ ආඥපතිවරයා මෙසේ පැවසීය.

“යාපනය අර්ධද්වීපය පුරා විසිරී තිබූ අනුකණ්‌ඩ හා මුරපළ කීපයක්‌ පමණක්‌ ඉවත් කළා. නමුත් භට පිරිස්‌ ප්‍රමාණය කිසිම අඩුවක්‌ කළේ නැහැ. පලාලි පිහිටි යාපනය ආරක්‍ෂක සේනා මූලස්‌ථානය යටතේ 51,52,55 යන සේනාංක මූලස්‌ථාන 03 ක්‌ යාපනය අර්ධද්වීපය තුළ තිබෙනවා. එම සේනාංක යටතේ බළසේනා මූලස්‌ථාන රැසක්‌ ද ඒවා යටතේ බළඇණි මූලස්‌ථාන කඳවුරු රැසක්‌ ද පවත්වාගෙන යනවා. යාපනයෙන් හමුදාව ඉවත් කරගෙන යන බවට දකුණේ පැතිරෙන පචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය ඒවා බව මම වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා.

– දිවයින

Related posts

ඉන්දියාවේ සිට මෙරටට සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවති…

colombotoday

ශ්‍රීලනිපය දෙකඩයි.. වගකීම මෛත්‍රී භාරගත යුතුයි – හිටපු ජනපතිගෙන් නිවේදනයක්

colombotoday

ඉස්ලාම් නොවුණු වරදට සිරුරෙන් වන්දි ගෙවන ‘‘ඉස්ලාම් රාජ්‍යයේ‘‘ ලිංගික වහලියෝ !

colombotoday

දිවයිනේ රෝහල් රැසක ලේ මාරු කරන යන්ත්‍ර අක්‍රීය වීමෙන් රෝගීන් මැරි මැරී යනවා…

Admin

දිවයින මාධ්‍යවේදී සමන් ගමගේ නියපොත්තෙ ඉදන් පතුරුගහගෙන කනවා

colombotoday

බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් පලා ගිය වෑන් රථය සොයා ගැනේ

colombotoday