Colombo Today Local News

එළවලු මැස්සක් උඩ කපා කොටා දැමූ පුද්ගල මළ සිරුරක්

තංගල්ල නෙටොල්පිටිය වැලිආරේ පිහිටි එළවලු මැස්සක් උඩ කපා කොටා මරා දමා තිබුණු 38 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (03)දින හමු වූ බව තංගල්ල පොලීසිය කියයි.

මරා දමා ඇත්තේ කොච්චියාය පාරේ බැරගම ගෙදර පදංචිව සිටි හේවාදේවගේ ශාලිල් තිරංජ නමති 38 හැවිරිදි පුද්ගලයෙක් බවට පවුලේ ඥාතීන් විසින් හදුනාගෙන ඇත.

මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (03) උදේ තංගල්ල අධිකරණ මහේස්ත්‍රාත්වරයා විසින් පැවැත්වීමට නියමිතව තිබුණි.

තංගල්ල කොට්ඨාශ බාර ජ්‍යේෂ්ඨ පොලස් අධිකාරී රවීන්ද්‍ර අබෙිපිටිය, සහකාර පොලිස් අධිකාරී රත්නවීර එස්. අඩස්සූරිය යන මහත්වරුන්ගේ උපදෙස් මත තංගල්ල පොලස් ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර ඉන්ද්‍රජිත්, උප පොලිස් පරීක්ෂක කරවිට, උප පොලිස් පරීක්ෂක ගුණරත්න සැරයන්වරුන් වන 33792 සුමනසිරි, 58257 සුජීව, යන මහත්වරුන් ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් මිනීමැරුම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

Related posts

‘සංහිදියාවේ නාළිකාව‘ ජනවාරියේ උතුරෙන් වැඩ අරඹයි !

colombotoday

දුමින්ද නාගමුව සමග 10 දෙනෙකු අත්අඩංගුවට

colombotoday

ජනබලය 5 වැනිදා කොළඹට

colombotoday

දුමින්ද සිල්වා නිදහස් කරන්න තැබූ අත්සන මනෝ ගනේෂන් ඉල්ලා අස්කර ගනියි – Video

colombotoday

සිංහලයා ශ්‍රී ලාංකික කිරීමේ ව්‍යාපාරය, හා ගර්‌භාශ යුද්‌ධය

colombotoday

“බෙදාහැරීම නිම වනතුරු ඉදිරි දින තුනේ පෝලිමේ ඉන්න එපා”

colombotoday