Colombo Today Local News

“අපේ 62ලක්ෂයත් මහින්ද හොරකම් කළා” – නියෝජ්‍ය ඇමති රංජන් පරාජය ගැන ස්වයංවිවේචනයක

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසිමේදී ලැබුණු ප‍්‍රතිඵලය ආණ්ඩුවට රතු එළියක් බවත්, එනමුත් ආණ්ඩු වෙනසක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් නැති බවත් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.

මෙම ප‍්‍රතිඵලය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය.

“අපිට හැට දෙලක්ෂයක් දීපු ඡන්දය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති හොරකම් කළා.. එයාලගේ හොර කල්ලිය නීතිය ඉදිරියට ගේන්න අපි අපොහොසත්වීම තුළ. ආපු කට්ටියගෙනුත් යම් යම් හොරකම් වුණා. ඒක විශාල වරදක්. බැඳුම්කර වංචාව සම්බන්ධයෙනුත් වරදකරුවන් අත්අඩංගුවට ගැනීම අපිට කල් ගියා වැඩියි. ජනතාව හිතුවේ මේකත් අන්තිම මොහොතේ කරපු ඡන්ද ගුන්ඩුවක් කියලා.

ඒ වගේම පොල් මිල, හාල් මිල, පොහොර සහනාධාරය කළමනාකරණය කර ගැනීමට බැරිවීම සහ වොක්ස් වැගන් ආයතනය වගේ බොරු කීම තුළ මේ ප්‍රතිඵලය ලැබුණයි කියලා මම හිතනවා. දැන්වත් අපි ස්වයං විවේචනයක් කරගෙන ඉදිරියට යන්න ඕනේ.”

Related posts

පාර්ලිමේන්තුවේ හූව හූවක් උනාට හුවක් නෙවෙයි. හිරුනිකා කියන කතාව

colombotoday

කුඩු කෑ විත්තිය යළිත් පාර්ලිමේන්තුවට… රන්ජන්ට එජාපයෙන් දැඩි විරෝධයක්…

colombotoday

දෛනික වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් සමාජයේ ඉන්නවා

colombotoday

මහින්දගේ නිවසේ කුලිය ලක්ෂ 46යි ජනපතිගෙන් මහා හෙළිදරව්වක්

Admin

ලංවිම ට ගෙන ආ ප්‍රමිතියෙන් තොර ජෙනරේටර් 50ක් ගැන කෝප් කමිටුවේදී හෙළිවෙයි..

colombotoday

හයිලෙවල් මාර්ගය හිරවෙයි

colombotoday