Colombo Today Local News

341 කින් 239ක් පොහොට්ටුවට.. ශ්‍රීලනිපයට තුනත් නැතිවෙයි.. අවසන් ප්‍රතිඵලය මෙන්න

2018 පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුන විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරගෙන තිබේ.

පොදුජන පෙරමුන රට පුරා පළාත් පාලන ආයතන 341 කින් 239ක් ජයග්‍රහණය කිරීමට  සමත්ව තිබෙන අතර ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය 5,018,198කි. ප‍්‍රතිශතයක් ලෙස 45.31%කි. මීට අමතරව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පළාත් පාලන ආයතන කිහිපයක්ම සදහා වෙනත් පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් තරග වැද ජයගනු ලැබීය.

දෙවන තැන හිමිකර ගත්තේ එක්සත් ජාතික පක්සය වන අතර ඔවුන් ආසන 42ක් දිනාගනු ලැබීය. ඡන්ද 3,621,338ක් එජාපය ලබා ගත්තේ 32.23%ක ප‍්‍රතිශතයක්ද සමගිනි.

පළාත් පාලන ආයතන 38ක බලය දිනූ දෙමල ජාතික සන්ධානය තුන්වන තැන වාර්තා කර ඇත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡුන්ද 1,416,308ක් සමගින් දිනා ඇත්තේ පළාත් පාලන ආයතන හතකි.

ජනතා විමුක්ති පෙරමුණ කිසිදු පළාත් පාලන ආයතනයක් ජය නොගත් අතර ඡුන්ද 665,208ක් වාර්තා කර ඇත.

 

Related posts

අඩු ආදායම් ලාභීන්ට රුපියල් 2000ක් ගෙවීමට කැබිනට් අනුමැතිය

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තිබූ දෝෂ නිවැරදි කර නෑ – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් කියයි

Admin

“බැඳුම්කර ගනුදෙනුවට උපදෙස් දුන්නේ අගමැති වික්‍රමසිංහයි” – අර්ජුන් මහෙන්ද්‍රන් සාක්ෂි දෙයි

colombotoday

අනාවැකිය වරදී.. විජේමුණිට හෙටින් පසු නරකම කාලයක් – තොටවත්තගෙන් අනාවැකි

colombotoday

155කගෙන් යුත් 6වන යුක්රේන සංචාරක කණ්ඩායමත් දිවයිනට

colombotoday

වෙද වර්ජණයෙන් රජයේ රෝහල් ඇණහිටී.. හද්දා අමාරුවේ වැටුණු රෝගීන් ආණ්ඩුව පළු අරී !

colombotoday