Colombo Today Local News

පාලිත තෙවරප්පෙරුම මැතිවරණ පනත උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක

තම ආධාර කරුවෙකුට පහර දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් පාලන මැතිවරණ ලැයිස්තු අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම තම පුතණුවන්ද සමඟ අද (09) දවසපුරා බුලත්සිංහල පොලිසිය හන්දියේදී උද්ඝෝෂණයක නිරත විය.

[ad id=”43600″]

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවට මෙවර එක්සත් ජනතා සන්ධානයේ ලැයිස්තුවෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකු තම ආධාර කරුවෙකු වන එක්සත් ජාතික පාක්ෂිකයෙකුට පහර දී ඇති බවත් බුලත්සිංහල පොලිසියේ නිලධාරීන් එම පුද්ගලයා මේ වනතුරුත් අත් අඩංගුවට නොගැනීමට විරෝධය දක්වා තම ආධාර කරුවන් සමඟ මෙම විරෝධතාවය ආරම්භ කර ඇත.

පාලිත තෙවරප්පෙරුම කිසියම් ඉන්ධන ද්‍රව්‍යයක් ද තබාගෙන සිටිමින් පොලිසිය මෙම සිද්දියට අදාල පුද්ගලයාව අත්අඩංගුවට නොගත හොත් තමා ගිනි තබා ගන්නා බවද ප්‍රකාශ කරමින ලදි.

උද්ඝෝෂණය කිරීම මැතිවරණ පනත උල්ලංඝනය කිරීමක් බව ජේෂ්ඨ පොලිස් නිලධාරියකු නියෝජ්‍ය ඇමතිවරයාට පැහැදිලි කලද ඔහු හැකිනම් තමාව අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට අභියෝග කර සිටියේය.

මෙවන් ඇමතිවරුන් සිටින රටක අනාගතය කෙබදු වේවිද?

Related posts

පේරාදෙණිය හිටපු උපකුලපතිට පහර දීම : තවත් සිසුන් 4ක් අත්අඩංගුවට

Admin

ආයෝජනයට ලංකාවේ තත්ත්වය අධි අවදානම් – BloomBerg ලොව පුරා ආයෝජකයන්ට කියයි

colombotoday

සෞඛ්‍ය මාර්ගෝපදේශ කැඩූ බස්නාහිර පළාතේ බස් 481කට අවවාද..

colombotoday

නිරෝධායන නීති උල්ලංඝනය කළ 639ක් අත්අඩංගුවට

colombotoday

අධිකරණයට අපහාස කල අජිත් ප්‍රසන්න රිමාන්ඩ්.

colombotoday

හාල් නැව කුණාටුවකට අහුවුණොත් ප්‍රමාද වෙන්න පුලුවන්

Admin