Colombo Today Local News

පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගුටි කෙලියක – පුටුවලිනුත් පහර දෙයි.

නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ කොත්මලේ, කැටඹුලාව ප‍්‍රදේශයේ සංවර්ධන නිලධාරි කාර්යාලයේදි පැවති රැස්වීමකදි නුවරඑළිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි කොත්මලේ ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති නිමල් පියතිස්ස හා නව තිස්පනේ වසම නියෝජනය කරන ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රි චාමර සුභාශිත ද සිල්වා අතර ඊයේ (18) සංවර්ධන යෝජනා සම්බන්ධන්ධයෙන් ගැටලූමක් හට ගෙන ඇති අතර එම හේතුවෙන් තුවාල ලැබු පුද්ගලයෙකු මේ වන විට නාවලපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

මෙම ගැටලූව සම්බන්ධයෙන් විමසීමේදි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ නුවරඑළිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි හා කොත්මලේ ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති නිමල් පියතිස්ස මහතා පැවසුවේ කොත්මලේ ප‍්‍රදේශයේ පවතින සංවර්ධන යෝජනා සම්බන්ධයෙන් තමන් ප‍්‍රදේශයේ විවිධ ප‍්‍රදේශ වලට ගොස් යෝජනා සම්බන්ධයෙන්්මහජනතාවගේ අදහස් විමසු බවත් ඒ අනුව කැටඹුලාව ප‍්‍රදේශයේ පැවති රැුස්වීමේදි එම වසමේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රි චාමර සුභාශිත ද සිල්වා ඉතා අන්තනෝමතික ගෙනා යෝජනා වලට තමන් විරුද්ධ වු බැවින් තමන් හා ගැටුමකට පැමිණි බවත් එහිදි ඇති වු පහරදීමක් හේතුවෙන් තම ආධාරකරුවෙකු තුවාල ලබා මේ වන විට නාවලපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබන බවත්, ඒ සම්බන්ධයෙන් නාවලපිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර ඇති බවත් පැවසීය.

මෙම ගැටුම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොත්මලේ ප‍්‍රාදේශීය සභා මන්ති‍්‍ර චාමර සුභාශිත ද සිල්වා ගෙන් විමසීමේදි ඔහු කියා සිටියේ තම වසමේ සංවර්ධන යෝජනා සම්බන්ධයෙන් කතිකාවතක් පැවති මෙම රැස්විමේදි ප‍්‍රදේශයේ මන්ත‍්‍රිවරයා වශයෙන් තමාගේ යෝජනා වලට එරෙහිව කටයුතු කිරීම හා තමාට අදහස් ප‍්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබානොදීම හේතුවෙන් සභාවේ ඇතිවු නොසන්සුන් තත්ත්වය ගැටුම්කාරි තත්ත්වයක් වර්ධනය වු බවත් එහිදි නිමල් පියතිස්ස පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයා තමන්ට පහරදිම හේතුවෙන් තමන් විසින් නාවලපිටිය පොලිසියට ලිඛිත පැමිණිල්ලක් ෆැක්ස් මගින් යැවු බවයි.

ක්‍රිෂාන්තන්

Related posts

2021 සිට 2030 දක්වා වන නිපුණතා සංවර්ධන දශකය නම් කෙරේ

colombotoday

තැපැල් ඡන්ද දින මේ දක්වාත් ප්‍රකාශයටපත් කර නොමැති බව මැතිවරණ කොමිසම පවසයි

colombotoday

නැගෙනහිර නාවික බලය බිදීමේ ඇමරිකානු මෙහෙයුමක් !

colombotoday

දුර ගමන් සේවා දුම්රිය ධාවනය යළි ඇරඹේ.

colombotoday

බදුල්ල මහ නගර සභාවේ කටයුතු අත්හිටුවයි

colombotoday

එන්නත් ලබාගත්තොත් කුකුළෙක් නොමිලේ

colombotoday