Colombo Today Local News

රතන හිමිගේ ප්‍රකාශය ආණ්‌ඩු පක්‍ෂ රැස්‌වීමේදී දැඩි විවේචනයට

එක්‌සත් ජාතික පක්‌ෂ ජාතික ලැයිස්‌තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් විසින් පසුගියදා ආණ්‌ඩුව විවේචනය කරමින් කළ ප්‍රකාශයක්‌ සම්බන්ධව ඊයේ (06 වැනිදා) සවස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්‌ඩු පක්‌ෂ රැස්‌වීමේදී දැඩි ලෙස විවේචනයට ලක්‌ වීම නිසා එම රැස්‌වීම දැඩි උණුසුම්කාරී විය.

පසුගිය මැතිවරණයෙන් දිනුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පමණක්‌ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළේ නැතැයි කියා කළ ප්‍රකාශය ජාතික ලැයිස්‌තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ආෂු මාරසිංහ මහතා විමසීමත් සමඟ මෙම උණුසුම්කාරී තත්ත්වය මතු විය.

එහිදී අතුරලියේ රතන හිමියන් පැවසුවේ අවශ්‍ය නම් තමා මන්ත්‍රීධුරයෙන් ඉවත් වන්නම් යෑයි කියාය.

මතු වූ උණුසුම්කාරී තත්ත්වය පාලනය කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ එක්‌සත් ජාතික පක්‌ෂය ජයග්‍රහණය නොකළා නම් මේ ආණ්‌ඩුව පිහිටු වීමට නොහැකි වන බවය. ඒ නිසා පක්‌ෂ දෙකක්‌ එක්‌ව කටයුතු කිරීමේදී ඉවසීමෙන් යුතුව සහ ගැටුම් ඇති නොවන ලෙස කටයුතු කිරීම කාගේත් වගකීම බවද මෙහිදී අගමැතිවරයා සඳහන් කළේය.

Related posts

වෙරළ තීරයේ නාඳුනන මළ සිරුරු දෙකක්

colombotoday

මැතිවරණයට පොහොට්ටුව සූදානම් – බන්දුල ගුණවර්ධන

Admin

මුහුදු ගිය දෙදෙනෙක් අතුරුදන්

colombotoday

ජනපති අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

colombotoday

අද සිට ඉහළ යන ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න

Admin

කල්ලාරු ඇතාගේ අස්ථි කොටස් මවුලවි සතුව තිබූ දළ සමඟ 100%ක් සැසඳෙනවා – පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වෙයි

colombotoday