ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතාට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයක් බාර ගන්නැයි ඉල්ලීමක් ලැබී ඇත.
එජාප සභාපති මලික් සමරවික්‍රම හා මහ ලේකම් කබීර් හෂීම් යන අමාත්‍යවරුන් විසින් එම ඉල්ලීම කල බව ජාතික හෙළ උරුමයේ ප්‍රධානියකු මේ බව පැවසිය.
පළාත් පාලන මැතිවරණයෙන් ලද පරාජයත් සමග එක්සත් ජාතික පක්ෂය මුළුමනින්ම ප්‍රතිසංවිධානයට පත් කිරීමට තීරණය කර ඇති අතර බලතල සහිත නියෝජ්‍ය නායක තනතුරු කිහිපයක් ද ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ.
එසේම, ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා මේ වසර අගදී ප්‍රකාශයට පත්කිරීමට ද එජාපය තීරණය කර තිබේ.