Colombo Today Local NewsHot News

මරික්කාර්ගේ කනෙන් අල්ලා සිරසෙන් දොට්ට දමයි – ජනපති පවුලේ ඉල්ලීම කිලී මහරාජා ඉටුකරයි

මහරජා සමුහ ව්‍යාපාරයේ MBC සමුහ අධ්‍යක්ෂ ලෙස කටයුතු කල පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර් ඊයේ (17) සවස සිට එම දුරයෙන් පහකිරීමට ආයතන හිමිකරුවන කිලී මහරාජා කටයුතු කර තිබෙනවා. ඒ පසුගියදා “අපිට ඉන්නේ පික් පොකැට් ජනාධිපති” කෙනෙක් යැයි පවසමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව දැඩි ලෙස විවේචනය කිරීමත් සමග කිලී මහරජා සමග ඉතා හිතවත්ව කටයුතු කරන ජනාධිපති පවුලේ කිහිපදෙනෙකු කිලී මහරාජා හමුවී විරෝධය දැක්වීමත් සමග බවයි සිරස ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

මරික්කර් ඉවත් කිරීමෙන් පසු ඊයේ (17) සවස සිට ඔහුගේ තනතුරේ වැඩ බැලීම සඳහා සුසාර දිනාල් පත්කර ඇති අතර ආයතනය මරික්කර්ගෙන් නිදහස් වීමත් සමග බහුතර සේවකයින් ඉතා ප්‍රීතියෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

සිරස FM, Y FM, Yes FM, Shakthi FM යන නාලිකා හතරම SM මරික්කාර් යටතේ ක්‍රියාත්මක වෙමින් තිබූ අතර පසුගිය දෙසැම්බර් මාසයේදී මරික්කාර්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් ප්‍රවර්ධන අධ්‍යක්ෂ තනුජා ජයවර්ධන, සිරස FM කළමනාකරුවන් ඇතුළු සේවකයන් රාශියක් ඉවත්ව ගොස් ඇත. ඊට අමතරව මරික්කාර්ගේ පෞද්ගලික පලිගැනීම් හේතුවෙන් සිරස FM ආයතනය සතුව පැවති ප්‍රධාන හඬවල් කිහිපයක් අලෙවි අංශයට මාරු කර යවන ලදි. අංක 1 ස්ථානයේ තිබූ සිරස FM නාලිකාව පසුගිය මාස 6 තුල සීග්‍රයෙන් ඇද වැටි මේ වන විට අංක 3 ස්ථානයේ රැදී සිටියි.

මේ වන විට මරික්කාර් යටතේ තිබු MBC ආයතනය මසකට රුපියල් ලක්ෂ 400කට අධික පාඩුවක් ලබමින් පවතින බව වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

නුගෝගොඩ රැලියට එන්න යන ආණ්ඩුවේ අයට මහින්දගෙන් පණිවිඩයක් (Video)

colombotoday

තැන තැන සිදුවන මිනිස් ඝාතන

Admin

අළුත් ව්‍යවස්ථාවෙන් උපරිමයෙන් බලය බෙදා ගන්න දෙමළ-මුස්ලිම් සාකච්ඡා

colombotoday

ඇමතිලාගේ වියරු හැසිරීම් වලට අපි බය නැහැ: මැයි 05 වර්ජනය ස්ථීරයි – ‍GMOA

colombotoday

උතුම් මිනිසුන්ට අවි එසවීමගැන මා කනගාටුවෙනවා – තමිලිනි ලියු පොත පෙබරවාරියේ එළියට

colombotoday

එට්කා ගිවිසුමේ ප්‍රධාන උපදේශකවරයා, ආචාර්ය සමන් කැලේගම මියයයි !

colombotoday